සිලෝන් ප්‍රින්ටර්ස් නව සභාපති සන්ජීව්


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ප්‍රින්ටර්ස් පීඑල්සීහි (CPRT.N0000) ) නව සභාපතිවරයා ලෙස සන්ජීව් ගාඩ්නියර් මහතා පත් කළ බව එම සමාගම පවසයි. මෙතෙක් එම සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ එල්.අයි. රත්න සභාපති මහතා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව මෙම නව පත් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව 2025 ජනවාරි 10 වැනිදා සිට බලාත්මක වන පරිදි ගාඩ්නියර් මහතා සමාගමෙහි නව සභාපතිවරයා ලෙස පත් කෙරෙන බව සමාගම පවසයි. ගාඩ්නියර් මහතා ගාඩ්නියර් සමූහයෙහි සභාපතිවරයාද වෙයි. සුප්‍රසිද්ධ ගෝල් ෆේස් හෝටලයේ හිමිකාරීත්වය පවතින්නේ එම සමූහයටයි.

එසේම සන්ජීව් ගාඩ්නියර් මහතා සිලෝන් හොටෙල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමෙහි සභාපතිවරයාද වෙයි. The Kandy Hotels Co (1938) PLC, Suisse Hotel (Pvt) Ltd, Suisse Hotel Kandy (Pvt) Ltd, United Hotels Co Ltd, Ceylon Hotels Maldives (Pvt) Ltd සහ Tissa Resort (Pvt) Ltd යනාදී හෝටල් එම සමූහයේ පූර්ණ හිමිකාරීත්වය සහ හවුල් ව්‍යාපාර ලෙස ක්‍රියාත්මකව පවතී.