(ජයන්ත සමරකෝන්)
සුපිරි වාහන බද්ද හේතුවෙන් රුපියල් ලක්ෂ 35 ඉක්මවන මෝටර් රථ හා ජීප් රථ මිල 100%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසයි.
ඉකුත් 1 වැනිදා සිට මෙම සුපිරි වාහන බද්ද ක්‍රියාත්මක වන බවද ඒ අනුව සීසී1500 ට වැඩි එන්ජින් ධාරිතාවයකින් යුතු වාහන මිල ගණන් රුපියල් ලක්ෂ 25 – 35 අතර සංඛ්‍යාවකින්ද ඉහළ යන බවද එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවැසීය.
මෙතෙක් සුපිරි බද්ද පැවතියේ සීසී 1800 එන්ජින් ධාරිතාව ඇති වාහන සඳහනා පමණක් බවද ඒ මහතා කීය.
වාහන ආනයනයේදී පනවා තිබූ නිෂ්පාදිත බද්දට අමතරව සුපිරි බද්ද යටතේ වාහන වටිනාකම මත පනවනු ලැබූ බද්ද සීඅයිඑෆ් ඇතුළත් කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ 35 ට වැඩි වාහන මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.