සූපවේදීන්ගේ දිනය සමරමින් යුනිලීවර් ෆූඩ් වෙතින් “Indulge in Future Menus”


2024 ලෝක සූපවේදීන්ගේ දිනය සමරමින් Unilever Sri Lanka හි ආහාර සේවා සපයන ව්‍යාපාරය වන Unilever Food Solutions (UFS) පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරිශ්‍රයේදී “Indulge in Future Menus” වැඩසටහන පැවැත්වූ අතර ඒ සඳහා සූපවේදී වෘත්තිකයෝ 150 කට අධික පිරිසක් සහභාගී වූහ.  
මෙම වැඩසටහන මූලික අරමුණු දෙකකින් සමන්විත විය. මෙහි ප්‍රමුඛතම අරමුණ වූයේ දේශීය මුළුතැන්ගෙය වෙත ගෝලීය දැනුම සහ නවෝත්පාදන ව්‍යාප්ත කිරීමෙන් ශ්‍රී ලාංකේය සූපශාස්ත්‍ර කලාව දියුණු කිරීමට UFS සතු කැපවීම පෙන්නුම් කිරීමයි. ඒ සමඟම අලු‍තින් නිපදවන ලද Knorr පිටි කළ පොල් කිරි වෙළෙදපොළට හඳුන්වාදීම ද මෙහිදී සිදු විය. එමෙන්ම ගෝලීය UFS ව්‍යාපාරය විසින් හඳුනාගත්  “Future Menu”  ජනගත කිරීමටද මෙය වේදිකාවක් විය.


Unilever Global Innovation Centre හි ප්‍රධාන නවෝත්පාදන සූපවේදී වන එවර්ට් වර්මැන්ඩෙල් මහතා උත්සවයේ ප්‍රධාන දේශකවරයා විය. “Future Menu” ප්‍රවණතා පිළිබඳ ප්‍රවීණ සූපවේදී වර්මැන්ඩෙල්ගේ දේශනයෙන් ශ්‍රී ලංකාවේ සූපවේදීන් අභිප්‍රේරණය කළ හැකි ගෝලීය සූපශාස්ත්‍ර අංග සහ නිර්මාණාත්මක ශිල්පීය ක්‍රම පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන්නේය.
ආගන්තුක සත්කාර අංශයේ කීර්තිමත් උපදේශකයකු සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ප්‍රවීණ සූපවේදී සුදුසිංහ චන්ද්‍රසේන මහතා විසින් Knorr පිටිකළ පොල් කිරි පිළිබඳ සැසියක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ආහාර පිසීමේ කලාවේ ප්‍රවීණයකු වන සූපවේදී චන්ද්‍රසේන මහතා මෙම නව නිෂ්පාදනය භාවිත කරන ආකාරය පැහැදිලි කළේය. ඔහු  නවීන සහ සාම්ප්‍රදායික යන විවිධ වූ කෑම වර්ග සඳහා මෙය භාවිත කරන අයුරු පැහැදිලි කළ අතර ගෝලීය UFS හි සූපවේදීන්, Knorr පිටිකළ පොල් කිරි වල ප්‍රමිතිය සහ වටිනාකම පිළිබඳ පැමිණ සිටි පිරිසට අවබෝධ කරලීමට සිය සහයෝගය ලබා දුන්නේය.
Unilever Sri Lanka හි Marketing Director for Home Care & Nutrition, ඉමේෂිකා කාරියවසම් මහත්මිය අදහස් දක්වමින් මෙම උත්සවය ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඔවුන්ගේ කැපවීම අවධාරණය කරන අතර නවෝත්පාදන දිරිමත් කිරීම සහ ගෝලීය තත්වය පිළිබඳ අවබෝධය ලබා දීමෙන්, විශිෂ්ට ආහාර අත්දැකීමක් ලබාදීමට සූපවේදීන් දිරිගන්වන බව ප්‍රකාශ කළාය.