( තිළිණි ද සිල්වා)
සෞදි අරාබියේ රියාද් වානිජ මණ්ඩල නාමාවලියේ ශ්‍රී ලාංකීය සමාගම් අලුතින් ලැයිස්තුගත කිරීම් එරට රජය පියවර ගෙන ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
රියාද් වානිජ මණ්ඩලයේ අන්තර්ජාතික වෙළද සංගමයේ සහයෝගීතාව යටතේ සෞදි සමාගම් හා ව්‍යාපාර සම්බන්ධතා පවත්වා ගැනීමට උනන්දුවන ශ්‍රී ලාංකික සමාගම් වලට පහසුකම් සැලසීම හා සහයෝගය ලබා දීමේ අරමුණෙන් මෙම ලැයිස්තුගත කිරීම සිදු කෙරෙන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා වානිජ මණ්ඩල වල හා ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ ලියාපදිංචි ශ්‍රී ලාංකීය සමාගම් වලට https://www.chamber.sa/Business/Pages/SriLanka.aspx යන වෙබ් ලිපිනයෙන් මෙම ලැයිස්තුගත කිරීම් වලට එක්විය හැකි බවද එම තානාපති කාර්යාලය කියා සිටී.
තවද අවස්ථාව මඟින් ශ්‍රී ලාංකික සමාගම් වලට සෞදියේ සංචාරක වෙළඳපොළ අවස්ථා හා එරට සමාගම් හී සෘජු අයෝජන අවස්ථා උදාකර ගැනීමට හැකිවනු ඇතැයි ද සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දේ.
සෞදියේ ශ්‍රී ලාංකික සමාගම් ලැයිස්තුගත කිරීම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා විදේශ සබඳතා අමාත්‍යාංශ්‍ය ආරම්භ කළ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙළකි.