ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි තත්ත්ව සහතිකකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මගින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය, සෞඛ්‍ය සහ ආරක්ෂිත කළමනාකරණ පද්ධතියක් සහිත ශ්‍රී ලංකාවේ පළමු වරාය ලෙස හඳුනාගෙන ඇත.
මේ අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරායට ‘45001:2018 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය’ හිමි වී තිබේ.
මෙම සහතිකය ලබාගැනීම සඳහා හම්බන්තොට වරාය මාස හයක් මුළුල්ලේ සූදානම් වූ අතර මාස තුනක කාලයක විගණනයකට ද ලක්විය. සෞඛ්‍ය සහ ආරක්ෂිත කළමනාකරණ පද්ධතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමි වේ.
විගණන සේවා සපයන ප්‍රමුඛ පෙළේ ගෝලීය විගණන සමාගමක් වන ‘බියුරෝ වෙරිටාස් ලංකා ලිමිටඩ්’ සමාගම විගණනය සිදු කළේය. එම තත්ත්ව, සෞඛ්‍ය සහ ආරක්ෂාව, පරිසර සහ සමාජ වගකීම් යන ක්ෂේත්‍රවල විගණන සේවා සැපයීමේ ප්‍රමුඛයෙකි.
(ඩේලි එෆ්. ටී. ඇසුරිනි)
055