හිඟුරාන සීනි පැණිරස වැඩි වෙයි


ගල් ඔය වැවිළි සමාගම විසින් යළි ආරම්භ කැරුණු හිගුරාන සීනි කම්හලේ දෙවැනි උක් ඇඹරුම් වාරය ආගමික වතාවත් මැද අද අරැඹිණි.

මෙවර සීනි මෙට්‍රික් ටොන් 15000ක් නිෂ්පාදනය කිරීමට අදහස් කරයි. මේ සඳහා උක් ටොන් 165000ක් අවශ්‍ය වෙතියි ගණන් බලා ඇත.

ගල් ඔය වැවිලි සමාගම දැනට උක් අක්කර 3500ක් වගා කර තිබේ.

තවත් අක්කර 3500ක් වගා කිරීමට අදහස් කරන බව විධායක අධ්‍යක්ෂ ලලිත් ගමගේ මහතා කියයි.

දැනට සෘජු රැකියා දහසක් ලබා දී ඇතැයි ද වක්‍ර රැකියා 5000කට පමණ අවස්ථා උදා වී ඇතැයි ද ගමගේ මහතා පවසයි.