හුවාවි සමාගම නව දුරකතන පෙළෙක් හඳුන්වාදෙයි


ලොව විශාලතම විදුලි සංදේශන යටිතල පහසුකම් නිෂ්පාදකයකු ලෙස හැඳින්වෙන හුවාවි සමාගම සිය ‘වයි’ මාදිලියට සමගාමීව මේ වසර සඳහා දුරකතන ඇතුළු තවත් නිෂ්පාදන පෙළෙක් හඳුන්වා දී ඇත. 

ඒ අනුව හුවාවි වයි9 2019, හුවාවි වයි7 ප්‍රෝ 2019 සහ හුවාවි වයි 6 ප්‍රෝ 2019 යන දුරකතන මාදිලි කොළඹ හිල්ටන් හෝටලයේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.

‘ඩිව් ඩ්‍රොප්’ දර්ශනය සහ කෘතීම බුද්ධිය සහිත කැමරා මෙම දුරකතනවල ඇති නව සහ විශේෂිත අංගය. 

මෙම දුරකතනයේ තිබෙන වේගවත් සහ ආරක්ෂිත ෆේස් අන්ලොක් පහසුකම අඩු ආලෝක තත්ත්ව යටතේ වුවද ක්‍රියාත්මක වීම ද මෙම නව දුරකතන මාදිලිවල තිබෙන තවත් විශේෂත්වයකි. 

හුවාවි වයි 2019 මාදිලි වසරක වගකීමක් සහිතව සියලුම හුවාවි එක්ස්පීරියන්ස් මධ්‍යස්ථානවලින්, සිංගර් ශ්‍රී ලගංකා සමාගමේ ශාඛාවලින් සහ තෝරාගත් ඩයලොග් හා මොබිටෙල් මධ්‍යස්ථානවලින් ලබාගත හැක. 

055

ඡායාරූප - ඉෂාන් සංජීව