ශ්‍රී ලංකාවේ හෝටල හිමියන් කාමර ගාස්තු වෙනුවෙන් වැඩි මුදලක් අය කරනවායැයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා චෝදනා කරයි.
හෙතෙම මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍යවේදීන් හා පැවති හමුවකදීය.
අමාත්‍යවරයාගේ අදහස වන්නේ හෝටල හිමියන් කාමර ගාස්තු වලින් නොව
ආහාර සැපැයීම්ලවිනෝදාශ්වාද පහසුකම් ආදී අංග වලින් ලාභ ලබාගැනීමට උත්සාහ කළ යුතු බවයි. තායිලන්තයේ හා මැලේසියාවේ හෝටල ලාභ ලබන්නේ කාමර ගාස්තු වලින් නොව අනේකවිධ පහසුකම් සංචාරකයන්ට ලබාදීමෙන් බවද අමාත්‍යවරයා මේ හමුවේදී පැවැසීය.