ෆ්ලයි ඩුබායි මත්තල එයි


 ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මත්තල සහ ඩුබායි අතර නියමිත කාලසටහනකට අනුව ගුවන්ගමන් ක‍්‍රියාත්මත කිරීම අද  පෙරවරුවේ සිට ආරම්භ කරනු ලැබීය.

 එම ගුවන්සේවයට අයත් එෆ්.ඉසඞ් 551 දරන ගුවන්යානය  නිළ වශයෙන් ගුවන්ගමන් අරඹමින්  අද උදෑසන 7.05 ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ලගා විය.
සතියට දින තුනක්    ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මත්තල සිට ඩුබායි අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

ලබන ජූලි මස සිට මෙ සතියකට දින හතරක් මත්තල සහ ඩුබායි අතර ගුවන් ගමන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.