‘රුපියල පාලනය කිරිමට මහ බැංකුව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා’


ශ්‍රී ලංකා රුපියලේ අගය සීමාව ඉක්මවින් අඩු වැඩි වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (21) පැවැසීය. 

රුපියල මේ සතියේදී දෛනිකව වාර්තාගත පහළම අගයන් වාර්තා කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය වීරසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද කීය.

“රුපියලේ අගය අනවශ්‍ය ලෙස වුවමනාවටත් වඩා අඩු වැඩි වන අයුරු අපට පසුගිය දින කිහිපයේදී දක්නට ලැබුණා. අපි ඊට මැදිහත් වෙනවා. අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ද ඔහු පැවැසීය.  

රොයිටර්

055