ආසියා කලාපයෙන් යුරෝපයට, මැදපෙරදිගට, අප්‍රිකාවට භාණ්ඩ අපනයන කිරීමේදී ශ්‍රී ලංකාව ඒ සදහා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ හැකි යැයි ජපානය කියයි.
ශ්‍රී ලංකාව එවන් ක්‍රියාවලියක් සදහා හොදින්ම ගැලපෙන බව ජපානයේ ජෙට්රෝ හෙවත් රටින් පිරිබාහිරව සිදුකෙරෙන වෙළද කටයුතු සම්බන්ධයෙන් පිහිටුවා ඇති සංගමය නියෝජනය කරමින් ශ්‍රී පලංකාවට පැමිණි නොබුහිටෝ හොබෝ පසුගියදා පැවැති හමුවකදී පැවසීය.
ශ්‍රී ලංකාවේ පිහිටීම, හා ශ්‍රී ලංකාව සතුව ඇති කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රම බලකාය මේ සදහා ආධාර වනු ඇතැයි හෙතෙම කීය.
ලොව ආර්ථීක ප්‍රතිපත්තීන් වල පෙරළිකාර වෙනස්වීම් සිදුවෙමින් තිඛෙන්නේ යැයිද දැන් පෙර මෙන් දියුණු රටවලටම ගැති නොවී සංවර්ධනය වෙමින් පවතින රටවල්ද අන්තර්ජාතික වෙළද කටයුතු වලට හවුල් කර ගැනීමේ තත්ත්වයක් ඇති වී තිඛෙන්නේ යැයිද ඔහු පැවසීය.
මේ ඔස්සේ ශ්‍රී ලංකාව වැනි රටකට ලබා ගත හැකි ප්‍රතිලාභ බොහෝ යැයිද ඒවා ලබාගැනීමට ශ්‍රී ලංකාව තව තවත් විදෙස් ආයෝජනයන් රටට ගෙන ඒමට කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු සදහන් කළේය.