ශ්‍රී ලංකාව පුරා පිහිටි අතිදුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාව පුළුල් කිරීමේ අදිටනින් යුතුව ඩයලොග් සමාගම ‘සිව් දෙනටම ඩයලොග්’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම ප්‍රදේශයට නව සන්නිවේදන කුලුනක් ඉදිකිරීමට පසුගියදා කටයුතු කළේය.
මඩොල්සිම ප්‍රදේශයේ ඉදිකෙරුණු නව සන්නිවේදන කුලුනට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයට අයත් නිකපිටිය සහ කරඳගම ගම්මාන දෙකෙහි ද නව සන්නිවේදන කුලුනු ඉදිකෙරිණි. තවද පුත්තලම දිස්ත්‍රික්කයේ පහරිය, පනිරෙන්ඩාව, කුඹුක්වැව සහ මැදගම ගම්මානවලත් සන්නිවේදන කුලුනු ඉදිකිරීමට කටයුතු කෙරිණි. මෙවැනි වැඩසටහන් හරහා වැඩි දියුණු කළ සබඳතා පහසුකම් තුළින් දිවයිනේ සෑම ප්‍රදේශයකම ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගන්වමින් උසස් තත්ත්වයකට ගෙන ඒම වෙනුවෙන් ඩයලොග් සමාගම දක්වන කැපවීම පිළිබිඹු කරයි.
මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වලදී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට සහායවීමට අඛණ්ඩව ගන්නා උත්සාහය යටතේ ඩයලොග් සමාගම 2022 අවසන් වන විට ඩයලොග් ජාලය තුළ 4G මොබයිල් කුලුනු 4700 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇත. එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුලුනු සංඛ්‍යාවද වේ. එමෙන්ම සියයට 95 කට වැඩි ජනගහනයකට 4G ආවරණ පහසුකම් සලසාදීමට ද ඩයලොග් සමාගමට හැකි වී තිබේ. එමෙන්ම අතිදුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුලුනු උපයෝගී කරගත් අතර, ජනාකීර්ණ ප්‍රදේශවල අවශ්‍යතාවයන් වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවා ලබාදී ඇත.
595
‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම ප්‍රදේශයේ ඉදිකළ නව සන්නිවේදන කුලුන විවෘත කරන අවස්ථාවට එක්වූ ඩයලොග් සමාගමේ නියෝජිතයන්