‘‘රටේ තත්ත්වය සංචාරක ව්‍යාපාරයට බලපාන්නේ නැහැ‘‘


(විනීතා එම් ගමගේ)

රටේ පවතින තත්ත්වය කිසිසේත්ම සංචාරක ව්‍යාපාරයට බලනොපාන බව විදේශ කටයුතු ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට ඒ ඒ රටවලින් අනතුරු අඟවා ඇතැයි පැවසීම බොරුවක් බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.

පෙළපාලි, උද්ඝෝෂණ පවතින ස්ථානවලට නොයන්නැයි සමහර රටවලින් අවවාද කොට ඇතැයි කී අමාත්‍යවරයා එම අවවාදය මෙරටින් ද සංචාරකයින්ට ලැබෙන බවත් ඔහු කියා සිටියේය.  

සියලූ තානාපතිවරුන් සමඟත් සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රධානීන් සමඟත් සංචාරක ව්‍යාපාරය පිළිබඳව කථා කළ බවත් කිසිදු ප‍්‍රශ්නයක් නොමැති බව ඔවුන් තහවුරු කළ බවත් අමාත්‍යවරයා කීය.

මේ මොහොත වනවිට 4000 කට ආසන්න බ‍්‍රිතාන්‍ය ජාතිකයින් සංචාරකයන් සේ මෙරටට පැමිණ සිටින බවත් ඔවුන් පැමිණ ඇත්තේ ක‍්‍රිකට් තරඟ නැරඹීමට බවත් කී අමුණුගම මහතා මේ සංචාරකයින් ලොවට ලංකාවේ තොරතුැ කියන හො`දම තානාපතිවරුන් යැයි ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ ශ්‍රී ලංකා  පදනම් ආයතනයේ අද(05)  පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.