විමුක්ති එස්. රුද්‍රිගු
මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී” සඟරාව 2024 වසර සඳහා “වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම් කර ඇත.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරමින් ”එල්.එම්.ඩී” සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු අධිපතිවරයාගේ නායකත්වයෙන් සිදු වූ බවයි. ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යථාර්ථවා දී වූ බවත් මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි යැයි ඔහු පිළිගත් බවත් ”එල්.එම්.ඩී” සඟරාව පැවැසුවේය.
වීරසිංහ මහතා මෙරට ආර්ථික අර්බුදයේ සැබෑ ස්වරූපය ජනතාවට පහදා දුන් බවත් දුෂ්කරතා එම වසරේ දෙසැම්බර් මාසය තෙක් පවතිනු ඇතැයි ඔහු අවංකව අනාවැකි පළකළ බවත් “එල්.එම්.ඩී” සඟරාව ප්‍රකාශ කළේය. වීරසිංහ මහතා 2022 වසරේ අප්‍රේල් මස මහ බැංකු අධිපති ධුරයට පත්වන අවස්ථාවේ මෙරට උද්ධමනය සියයට 29.8 ක් වූ බවත් පසුව නොවැම්බර් මාසයේ දී උද්ධමනය සියයට 61 දක්වා ඉහළ ගිය බවත් “එල්.එම්.ඩී” සඟරාව සඳහන් කළේය.