|
ප‍්‍රංශ රූමතියන් ති‍්‍රරෝද රියක් තුළ |
ප‍්‍රංශ රූප රැජිනි තේරීමේ තරගයේ අවසන් වටයට තේරී පත්වූ ප‍්‍රංශ තරුණියන් 33 දෙනකුට ලෝකයේ ඕනෑම රටකට ගොස් විනෝද වීමට සංවිධායකයන්
ලබාදුන් වරප‍්‍රසාදයෙන් ප‍්‍රංශ යුවතියෝ ශ්‍රී ලංකාව තෝරාගෙන පසුගියදා ලංකාවට පැමිණ විනෝද වූහ.
සිනමන් හෝටල් සමාගම මෙම පිරිසට ලංකාවේ විවිධ ස්ථාන පෙන්වීම සහ ඔවුන්ට නවාතැන් ලබාදීම සිදුකරනු ලැබීය.
ප‍්‍රංශ රූ රැජිනියෝ් මුලින්ම හබරණ සිනමන් ලොජ් හෝටලයට පැමිණ සීගිරියට ගොස් එතැන් සිට කොට කලිසම් හා ටී ෂර්ට් හැඳ තී‍්‍රරෝද රථ වලින් පොළොන්නරුව මාර්ගයට ගොස් එතැන් සිට සෆාරි ජීප් රථවලින් කවුඩුල්ල ජාතික උද්‍යානයට අලින් බලන්නට පිටත් වූහ.
කවුඩුල්ලේ අලින් දැක යුවතියෝ දැඩි සතුටට මෙන්ම භීතියටද පත්වූහ. ඒ ඔවුන් සමග පැමිණි පිරිසක් සිටි වාහනයකට වල් අලියකු පහරදීමට පසුපස පැන්නීමත් සමගය.
පොළොන්නරුව සීගිරිය නැරඹූ යුවතියන්ට ශ්‍රී ලංකා දිනය සැමරීමට අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකා කාන්තාවන් අඳින සාරිය හැඳගත් ප‍්‍රංශ යුවතියෝ මැටි කළ උකුලේ තබාගෙන ශ්‍රී ලංකා කාන්තාවන් අනුකරණය කිරීමටද උත්සාහ කරමින් සතුටු වූහ.
සංස්කෘතිකාංග රැගත් පෙරහැරක් නැරඹීමටද ඔවුනට අවස්ථාව උදාවූ අතර වෙස් නැට්ටුවන් සමග තාලයට නටන්නටද රූ රැජිනියෝ එක්වූහ.
|
හබරණදී බලූ රංචුවකට මැදිව... |
![]() |
අලි බලන්න ගිහින්.. කවුඩුල්ල වනෝද්‍යානයේදී... |