
(ප්රසාද් රුක්මල්)
හග්ගල සිල්මියාපුර ඔයෙන් එගොඩවීමට ගිය තිදරු මවක අද (14) පස්වරුවේ සැඩ දියපහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී ඇතයි කැප්පෙටිපොළ පොලිසිය පවසයි .
මැදවෙල උඩුකිද තෙල්හවඩිගම ප්රදේශයේ පදිංචිව සිටි එන්.පී.සීලවතී (43) නැමති තිදරු මවක මෙසේ සැඩදිය පහරේ ගසාගෙන ගොස් අතුරුදන්වී සිටින බවත් පොලිසිය කීය .
කුලී වැඩ කරන ඇය ,සිය වැඩකටයුතු අවසන් වී අද(14) පස්වරුවේ පාගමනින් නිවසකරා යමින් හග්ගල සිල්මියාපුර ඔයෙන් එගොඩවීමට යාමේදි ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමග එක්වරම ගලා ආ සැඩදිය පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලිසිය සදහන් කළේය .
දැනට පවතින වර්ෂාවත් මෙන්ම සිල්මියාපුර ඔයෙ ජලපහර ඉහල ගොස් ඇති හෙයින් අතුරුදන් මව සෙවීමේ කටයුතු රාත්රි සිදුකිරිමට අපහසු වී ඇති බවත් පොලිසිය පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd