ගමක් නැටවූ හැටි සැකකරු සිරිපාල කියයි
කහවත්ත - කොටකෙතන ගම්වාසීන්ගේ සිත් තුළ මාස කිහිපයක් තිස්සේ ඇවිලෙමින් තිබූ ගිනි දැල් නිවීගියේ කාන්තා ඝාතන හතරකට සම්බන්ධ බව කියන ඝාතකයන්ගේ සුලමුල හෙළිකරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමගය.
මෙම ඝාතනවලට මුල් වූ හේතු සාධකද හෙළිකර ගැනීමට පොලිස් නිලධාරීන් සමත්වීමත් සමගම කොටකෙතන හා ඒ ආශ‍්‍රිතව ගම්වල ජීවත් වූ ගම්මුන්ගේ සිත් සතන්වලට පැවති අනිසි බිය සැක සංකාද පහව ගොස් ඇති සෙයකි.
කොටකෙතන ගම්මානයේ පසුගිය මැයි මාසයේ සිදු වූ සේතුංගගේ තිලකාවතී සහ සේතුංගගේ දයාවතී යන අක්කනගෝ දෙදෙනාගේ සහ යූ.ඞී. පේ‍්‍රමවතී (65) සහ ඇයගේ දියණිය වූ එච්.ජී. පුෂ්පකුමාරි යන දෙදෙනාද ඝාතනය කරනු ලැබුවේ අද්භූත බලවේගයක්. මෙය භූත බලවේගයක් බවට ප‍්‍රචාරයක්ද ගෙන ගොස් තිබිණි.
භූත බලවේගයක් නිසා මෙම ඝාතන සිදුවන බවට ගමපුරා ප‍්‍රචාරයක්කර ගම්මුන්ගේ අවධානය වෙනතකට යොමුකරලීම මේ සම්බන්ධයෙන් අත් අඩංගුවටගත් ඝාතකයන්ගේ සැලසුමකි.
මෙම ද්විත්ව ඝාතන දෙකම ඉතා සැලසුම් සහගත ලෙස කිරීමෙන් පසු මේවා කළේ භූත බලවේගයක් බවට ඒත්තු ගැන්වීමටද ඝාතකයන් ගම්වාසීන් ඉදිරියේ රඟ පෑමකද නිරතව සිට ඇත.
ඝාතකයින්ගේ රඟපෑම් කොතරම් තාත්වික වුනාද? යැයි කිවහොත් මෙම කාන්තා ඝාතන සිදුකරන්නේ භූතාත්මයක බලපෑමකින් බවට ඇතමුන් විශ්වාස කර ඇතැයිද කියති.
”මෙම ඝාතන හතරම කරල තියෙන්නේ භූත බලවේගයක්’’ යන මතය ගම පුරා ලැව්ගින්නක්සේ පැතිර යද්දී වඩාත් සතුටු වී ඇතැයි කියන්නේ මෙම ඝාතනවලට සම්බන්ධ වූවන්ය. ඔවුන් මෙසේ සතුටු වී ඇත්තේ තමන් කළ දෙවැනි සැලැස්මත් සාර්ථකවීම නිසාය.
කොටකෙතන ගම්මානයේ සිදු වූ ද්විත්ව ඝාතන දෙකට බලපෑ සියලූ කරුණු කාරණා හා ඝාතකයන් ගැන මෙන්ම එය සිදුකළ ආකාරය ගැන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් කණ්ඩායමක් මාසයක පමණ කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වූ තොරතුරු පසුගිය ඉරිදා ලංකාදීප පත‍්‍රය මගින් සවිස්තරව හෙළිකළෙමු. මේ හෙළිකරන්නේ එහි අතුරු කථාවන්ය.
මව සහ දියණියගේ ඝාතනය සම්බන්ධයෙන් අල්ලාගත් හතර දෙනාගෙන් එක් අයෙක් පොලිසියට කරන ලදැයි කියන පාපෝච්චාරණයකි මේ.
පේ‍්‍රමවති අක්කයි එයාගේ දුවයි මරලා දැම්මායින් පස්සේ මේ දෙදෙනා මරා දමන්න කොන්ත‍්‍රාත්තුව බාරගත් අය කිව්වා උඹට පේ‍්‍රමවති අක්කා ආරුඪවෙලා ඉන්නවා කියා ගමපුරා ප‍්‍රචාරයක් ගෙනියන්න කියා. මම හිමින්සීරුවේ ඒ වැඬේ කළා. පස්සේ දවසක ආයෙත් කිව්වා පේ‍්‍රමවති අක්කාගේ ආත්මය ආරුඪවෙලා තියන විදිහට හැසිරෙන්න කියා මට කීවා. මම ඒ විදිහට හැසිරෙන්න දන්නේ නැහැ කීවා. මේ විදිහට හැසිරෙන්න උපදෙස් දුන්නේ ඝාතන කොන්ත‍්‍රාත්තුව බාරගත් මගේ හිතවතායි. ඔහුත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
භූත ආත්මයක් ආරුඪවුනාම දඟලන ආකාරය ගැන ඔහු මගේ ඉදිරියේ රඟ දක්වලා පෙන්නමින් මටත් ඒ විදිහට කරන්න කීවා. පුහුණු කළා. මමත් ඔහු කරන විදිහටම කළා. පස්සේ තනියම කරන්න කිව්වා. හා දැන් ඔය අපූරුවට උඹ වැඬේ කරන්නේ කිසිම සැකයක් ඇති නොවන විදිහට යැයි කියාද මගේ හිතවතා මාත් එක්ක බොහොම සතුටින් කියා සිටියා.
පේ‍්‍රමවති අක්කයි එයාගේ දුවයි ඝාතනය කරන්න මමයි මගේ තවත් යහළුවෙකුයි ගියා. ඒ සමගම අර දෙන්නත් අපේ සහායට පැමිණියා. අපි මේ අම්මගෙයි දුවගෙයි ගෙටත් ගිනි තිබ්බා. පස්සේ ඒ ගින්න නිවා දැමීමටත් ගමේ අයට උදව් කළා. එහෙම කළේ කිසිම කෙනෙකුට කිසිම සැකයක් ඇති නොවෙන්නයි. ගින්න නිවන්න ගිය අවස්ථාවේ පේ‍්‍රමවති අක්කාගේ ආත්මය මගේ සිරුරට ඇතුළු වූ බවට තමා ගමේ ප‍්‍රචාරයකර හැරියේ.
මා අවස්ථා කිහිපයකදීම පේ‍්‍රමවති අක්කාගේ ආත්මය සිරුරට ආරුඪ වූ ආකාරයට ආවේශ වී දඟලන්ට පටන්ගත්තා. මම ආවේශයෙන් කෑගසද්දී ගමේ අය තවත් හොඳටම බයවුන බව තේරුම් ගියා පේ‍්‍රමවති අක්කාගේ පුතෙක් ඉන්නවා නිලන්ත කියලා. එයාගේ බිරිඳගේ ලේ බොන්න ඕනෑ කියමින් මම බොරු ආරුඪය මවාගෙන ආවේශවුන අවස්ථාවේ කෑ ගැසුවා. මම එවැනි දෙයක් කළේ මේ ඝාතන දෙකට ඔවුන්ගේ පවුලේ උදවිය සම්බන්ධ බවට ගමටයි පොලිසියටයි ඒත්තු ගන්වන්න හිතාගෙනයි. සමහරෙක් නිලන්තලාගේ පවුලේ උදවිය මේ ගැන සැක කළ බව පස්සේ මට දැන ගැනීමට ලැබුණා.
පොලිසියට මෙවැනි ප‍්‍රකාශයක් කර ඇතැයි කියන්නේ අත්අඩංගුවටගත් හතර දෙනාගෙන් එක් අයෙක් වන සිරිපාල නමැත්තෙකි.
පේ‍්‍රමවතීගේ පුතා සහ බිරිඳ ඇතුළු සමීපතම ඥාතීන් කිහිපදෙනකුද පොලිස් ප‍්‍රශ්න කිරීම්වලට දිගින් දිගටම මුල්කාලයේ ලක්වූයේ මෙම ද්විත්ව ඝාතනයට (පේ‍්‍රමවතී සහ ඇයගේ දියණියගේ) ඔවුන්ගේ කිසියම් සම්බන්ධයක් ඇද්දැයි යන්න සොයා බැලීමටය.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් කණ්ඩායම හමුවේ තව දුරටත් තොරතුරු හෙළි කරමින් සිරිපාල නමැත්තා මෙසේද පවසා ඇතැයි දැන ගන්නට ඇත.
පේ‍්‍රමවතී අක්කාගේ ආත්මය මට ආරුඪ වී ඇතැයි බොහෝ දෙනෙකු බියට පත්වී තිබුණා. ඔවුන් මාව දැක්කාමත් බයයි. බොහොම ගරු සරු ඇතිව කථා කරන්නේ. මට මොනවත් කියන්නත් බයයි. ගමේ අය මා වෙනුවෙන් ආගමික පුද පූජා පැවැත්වූවා. ඒ අය එහෙම කළේ පේ‍්‍රමවතී අක්කාගේ ආත්මය මගේ සිරුරෙන් බැහැරව යන්න කියලයි. තවත් කට්ටියක් මාව රත්නපුර රෝහලටත් අරන් ගියා. දොස්තර මහත්වරුන් පරීක්ෂාකර බලා මට කිසිම ලෙඩක් නොමැති බව ද පැවසුවා. එයින් පස්සෙත් මට වරින්වර පේ‍්‍රමවති අක්කාගේ ආත්මය ආරූඪවුන බව පවසමින් ආවේශවුණා.
මගේ සිරුරට ආරුඪවෙලා ඉන්න පේ‍්‍රමවති අක්කාගේ ආත්මය පලවා හරින්න ගමේ කට්ටිය කට්ටඬියෙක් ගෙනවිත් තොවිලයක් කළා. ඒකට රුපියල් 15000 ක් විතර ඒ කට්ටඬියා ගත්තා. අක්කාගේ ආත්මය පලවා හැරිය බව තොවිලය අවසානයේ කට්ටඬියා කියලා සල්ලිත් අරන් යන්න ගියා. මම ආයෙත් ටික දවසකින් ආවේශ වෙලා නටන්න පටන් ගත්තා. ගමේ අය තවත් කට්ටඬියෙක් ගෙනවිත් තොවිලයක් නැටුවා මිය පරලොව ගොස් සිරුරට අරක්ගෙන සිටින පේ‍්‍රමවතී අක්කාගේ ආත්මය පලවා හැරියබව පවසා ඒ කට්ටඬියත් සල්ලි අරන් යන්න ගියා. මම වැඬේ අත්හැරියේ නැහැ. වරින්වර පේ‍්‍රමවති අක්කාගේ ආත්මය ආරූඪවුන විදිහට ආවේශවුණා.
ගමේ අය බය කරගත්තු විදිහට මේ ගැන මේ පරීක්ෂණ පවත්වන්න එන පොලිසියේ මහත්වරුත් භය වෙයි කියලා මට හිතුනා ඒ නිසා මං ගැන හොයන එකක් නැහැ කියලා හිතපුවාර අනන්තයි. මිය පරලොව ගිය කෙනෙකුගේ ආත්මයක් ආරූඪවුනාම හුඟදෙනෙක් ඒ වගේ අයට කිට්ටු වෙන්නත් බයයිනේ. දේවාලයක් පටන් අරන් සාස්තර කියන්න ඕනෑ කියලාත් මම කල්පනා කරගෙන හිටියේ. නමුත් ඒ වැඬේ කරගන්න බැරිව ගියා මාව පොලිසියට කොටුවුනා යනුවෙන්ද සිරිපාල නමැත්තා පවසා ඇති බව කියති.
පේ‍්‍රමවතීගේ සහ ඇයගේ දියණියගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනකු පසුගිය 1 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.
අත්අඩංගුවටගත් හතර දෙනා අතර කාවින්ද්‍යා දැරිය හා ඇයගේ මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවමත් රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධර්මසිරි සහ ප‍්‍රධාන සැකකරු වූ රාජු නමැත්තාගේ සොහොයුරන් දෙදෙනකුද සිටිති.
ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගේ එක් සොහොයුරෙක් මෙම මව සහ දියණිය ඝාතනය කළහොත් රුපියල් ලක්ෂයක් ලබාදෙන බව පවසා ඇත්තේ අත් අඩංගුවටගත් නාමල් නමැත්තෙකුටය. ඔහු විසින් ඝාතන කොන්ත‍්‍රාත්තුව බාරගෙන මේ වැඬේ සඳහා සිරිපාල නමැත්තා හවුල්කරගෙන ඇති බව පොලිසිය කියයි.
අවසානයේ ඔවුන්ට සත පහක්වත් ලැබී නොමැත. රුපියල් 10000 ක් වත් ලබාදෙන්න යැයි කියා ඉල්ලා ඇතත් ඔවුන් දෙදෙනා පන්නා ගෙන ඇත්තේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගේ සහෝදරයින් දෙදෙනා යැයිද පොලිසිය පවසයි.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඞී.ආර්.එල්.රණවීර මහතාගේ විශේෂ උපදෙස් මත මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලූගල, පොලිස් පරීක්ෂකවරුන් වන ජානක කුලරත්න, නාලක ගුණසේකර, පේ‍්‍රමතිලක හෙට්ටිආරච්චි සහ රසික රුවන් බණ්ඩාර, සැරයන් මර්වින් (20927), කොස්තාපල්වරුන් වූ බණ්ඩාර (38633), ජයවර්ධන (89096), පුෂ්පකුමාර (86669) ප‍්‍රියදර්ශන (87159) සහ ප‍්‍රසන්න (70625) යන මහත්වරුන් විසිනි.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික් ඕවිට මහතාගේද සහාය මුල සිටම මෙම පරීක්ෂණ කටයුතු සඳහා ලැබී ඇත.සියලූ තරාතිරම්වල මෙම නිලධාරීන්ගේ කැපවීම හා දක්ෂතාවය නිසා මේ මව සහ දියණියගේ ඝාතන පමණක් නොව සේතුංගගේ තිලකාවතී සහ හේතුංගගේ දයාවතී යන අක්කනගෝ දෙදෙනාගේ ඝාතනවල සුල මුල හෙලිකරගෙන ඒවාට සම්බන්ධ සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
අත්අඩංගුවටගත් හතර දෙනාම දැන් පසුවන්නේ රිමාන්ඞ් බන්ධනාගාරයේය. අපරාධ සිදුකර හැමදාමත් සැඟව සිටිය නොහැකිය යන්න මෙයින්ද මනාව සනාථවී ඇත.
සබරගමුව පළාත් බාරව සිට මෑතකදී ස්ථානමාරුවක් ලැබ දකුණු පළාතට ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න, රහස් පොලිසිය බාරව එවකට සිටි නිියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක, එහි අධ්‍යක්‍ෂ තනතුර දැරූ මහේෂ් පෙරේරා, රත්නපුර කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් පද්මසිරි සහ රත්නපුර සහකාර පොලිස් අධිකාරි බුද්ධි උඩුගමසූරිය යන මහත්වරුන්ගේද සහ පොලිස් බුද්ධි අංශ සහාය සිදු වූ දිනයේ සිට මෙම ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් කොටුකර ගැනීමට විශාල මෙහෙවරක් ඉටුකරනු ලැබීය.
මව සහ දියණියගේ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයමින් සිටි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලූගල මහතාට සැකකරුවන් කොටුකර ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී එම පරීක්‍ෂණ කණ්ඩායමෙන් ඉවත්කර යළි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමක්ද කරනු ලැබීය.
සිරිපාලට අසභ්‍ය වීඩියෝ පෙන්නා කාම ආශාවක් ඇති කළා
|
පේ‍්‍රමවතී අක්කාටයි එයාගේ දුවටයි පිහියෙන් කෙටුවා. ඔවුන් දෙදෙනා මරු විකල්ලෙන් දඟලද්දී දෙදෙනාටම අතවර කළා. පස්සේ මමත් තුෂාරත් යට ඇඳුම්පිටින්ම ගෙදර ගියා. තුෂාරගේ සිරුරට හා කමිසයේ ලේ තැවරී තිබූ නිසා ඒවා උනා පේ‍්‍රමවතී අක්කාගේ හා දියණියගේ දැවෙමින් තිබූ සිරුරු මතට වීසිකළා. යට ඇඳුමෙන් සිටි දෙදෙනා දුෂණය කිරීමෙන් පසු ඔවුන්ගේ සිරුරුවලට භූමිතෙල් හලා ගිනි තිබ්බා. යට ඇඳුම් පිටින් ගෙදර ඇවිදින් නාගෙන පිරිසිදු වී වෙනත් ඇඳුම් ඇඳ ගත්තා.
මගේ ඇඳුම්වල ලේ තැවරී තිබුණේ නැහැ. නමුත් මා ඇඳ සිටි සරම ගලවාගෙන කිහිල්ලේ ගසාගෙන තුෂාරත් සමග ආවා. යැයි සැකකාර සිරිපාල නමැත්තා පොලිසියට පාපෝච්චාරණයක් කරමින් පවසා ඇත. ඝාතනයට යොදාගත් මන්නාපිහිය තුෂාර වෙලට විසිකර දැමුවා. පස්සේ දවසක ගිහින් ලේ තැවරී තිබූ ඒ පිහිය සෝදා මම නැවතත් ප‍්‍රයෝජනයට ගත්තා. අපි පේ‍්‍රමවතී අක්කාගේ නිවසේ ගින්න නිවා දැමීමටත් හවුල්වුනා. සිරුරුවලට ගිනි තැබුවායින් පස්සේ තමා ගෙටත් ගිනි ගත්තේ. මේ දෙදෙනාගේ සිරුරු මෙට්ට හා ඇඳ ඇතිරිලි දමා භූමිතෙල් හලා ගිනි තිබ්බා. ඒ ගෙදරින් පිටත්වෙලා එන්න කලින් ජනේලයක කම්බි කූරු ඈත්කළා. එහෙම කළේ පරීක්ෂණ පැවැත්වීමට එන පොලිසියේ මහත්වරුන් නොමග යවන්නයි. මේ සිද්ධිය මට හැම තිස්සේ මැවී පෙනෙන්නට වුනා. මම සමහරදාට රෑට හීනෙන් බය වෙලා කෑ ගැසුවා. මේ නිසා රෑට හොඳට බීලයි නිදා ගන්නේ යැයි සිරිපාල නමැති සැකකරු තව දුරටත් පොලිසියට පාපෝච්චාරණයකර ඇත.
පේ‍්‍රමවතී අක්කාගේ හා ඇයගේ දුවගේ ඝාතනයන්ට ශාප කරන්න මම ගමේ කට්ටියත් එක්ක රත්නපුර සමන්දේවාලයට ගොස් පොල් ගැසුවා. මේ අපරාධය කරපු ඔවුන්ට හෙණ හතම ගහන්න ඕනෑ කියා දෙවියන්ට කන්නලව් කළා. මේ වගේ රඟපෑමක් මට කරන්නවුනේ කාටවත් සැකයක් ඇති නොවන්න යැයි මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාමල් නමැත්තා පොලිසියට පාපෝච්චාරණයක් කර ඇත.
සිරිපාල ගැහැනුන්ට කෑදර මිනිහෙක් කියලා දැන ගත්තා. මේ බව දැන ගත්තාට පස්සේ සිරිපාලට අසභ්‍ය දර්ශන තියන සී.ඞී. කිහිපයක් ගෙනවිත් පෙන්නුවා. ඒවා මිනිහා පුදුම ආශාවකින් බලා හිටියා. එහෙම කළේ දුවගැන මිනිහට කාම ආශාවක් ඇතිකරවන්න හිතාගෙනයි. ඒ වැඬේ හරියටම හරි ගියා. යැයිද නාමල් පාපෝච්චාරණයක් කරමින් පොලිසියට හෙළිකර තිබේ.
|
සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය