ගවයකු වෙනුවෙන් දිවිදුන් මිනිසෙක්


  04_Nimthera_P1_Back

 

මත්කුඩු ජාවාරම, නීති විරෝධී මත්පැන් ජාවාරමට නොදෙවෙනි තවත් නීති විරෝධී ජවාරමක් මේ වන විට රටපුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ඒ ගවමස් ජාවාරමයි. කුඩු මත්පැන්සේම ගවමස් ජාවාරම මගින්ද, ජාවාරම්කරුවන් සල්ලි මිටි ගණන මවන්නේ ‘‘මස්’’ සඳහා ලබාගන්නා ගවයන් කිසිදු මිලක් නොගෙවා සොරකම් කර ලබාගැනීම නිසාය. මේ නිසා රුපියල් හැටහැත්තෑදහසක් වටිනා ගවයකු එක් නිවසකින් සොරා ගත්තද දිනකට රුපියල් ලක්‍ෂ ගණනක ලාභයක් ලබන්නට ගවමස් ජාවාරම්කරුවාට හැකිවේ.

 

 

අපේ පොලිසිය සොරුන්, මිනීමරු1වන් අල්ලා ගැනීමට කෙතරම් දක්‍ෂ වූවද හරක් හොරුන් ඇල්ලීම සම්බන්ධයෙන් දක්වන්නේ මන්දගාමී උනන්දුවකි. පසුගිය වකවානුව තුළ පමණක් ගම්පහ හා අවට කිරි හරක් සිය ගණනක් සොරා ගත්තද ඒ වෙනුවෙන් පොලිස් පොත්වල ලියැවුණද ඒ කිසිදු ගව සොරෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වී තිබේ. මේ නිසා ආයුධ සන්නද්ධව නවීන වාහන මගින් රාත‍්‍රී කාලයට පැමිණෙන ගව සොරුන්ට තම ගවයා පමණක් නොව තම ජීවිතයද පූජා කරන්නට කිරි ගොවියාට සිදුවන්නේ නම් එය ඉතා ඛේදජනක තත්ත්වයකි.


වේයන්ගොඩ - මාරපොළ පොල්හේන හන්දියේ ජීවත් වූ ජේ. එම්. පේ‍්‍රමරත්න (58) මහතාද ගොවිතැනින් හා කිරි ගවයන්ගේ පිහිටෙන් ජීවිකාව ගෙනගිය ගොවිමහතෙකි. ගවයාට දරුවන්ට සේ ආදරය කළ පේ‍්‍රමරත්න මහතා තමා හැදූ ගවයන්ට ‘‘සුදු මැණිකේ’’ ‘‘චූටි මැණිකේ’’ ආදී ආදරණීය නම්වලින් කථාකරන්නටද පුරුදුව සිටියේය. ගවයාට හොඳට සලකා උන්ගෙන් පේ‍්‍රමරත්න මහතා බලාපොරොත්තු වූයේ කිරි ලීටර් කීපයක් පමණි. වසු පැටවුන්ට බීමට කිරි ඉතිරිකර ලීටර් කීපයක් පමණක් ඔහු දිනපතා අලෙවි කර සුළු ආදායමක් ලැබුවේය.

Nimthera - 01.qxd
තමාගේ මෙම ජීවනෝපායට එල්ල වූ එකම බාධාව වූයේ ගව හොරුන්ගෙනි. මීට පෙර පේ‍්‍රමරත්න මහතාගේ නිවස අසලම බැඳ සිටි ගවයන් 12 දෙනෙක් වරින්වර ගව සොරුන් විසින් සොරා ගන්නා ලදහ. මේ ගවයන් 12 පිළිබඳව වෙන වෙනම පැමිණිලි වේයන්ගොඩ පොලිස් පැමිණිලි පොතේ සඳහන් වී තිබේ. එහෙත් හරක් 12 දෙනා පිළිබඳව හෝ ගව සොරුන් පිළිබඳව හෝ මේ වන තුරුත් හෙළි වූ කරුණක් නොමැත.


මේ නිසා ගවයන් රැකීම දිවි පරදුවට තබා හෝ කළ යුතුය යන්න පේ‍්‍රමරත්න මහතා අධිෂ්ඨාන කර ගත්තේය. ඔහු සතුව එළගවයන් සත්දෙනෙකු සිටි අතර, තමාගේ කුඩා නිවස අසලින්ම ගවයන් බැඳ තබා රාත‍්‍රී කාලයේදී නිදිවරමින් උන් ආරක්‍ෂා කිරීමේ කටයුත්ත ඔහු අකුරටම ඉටු කළේය.


ජුනි 28 වැනි ඉරිදා අලූයම අවට ස්ථාන කිහිපයකම ගවයන් සොරාගෙන ගොස් තිබූ පුවත පේ‍්‍රමරත්න දැන සිටියේය. තමාට ආසන්න ස්ථාන වූ  කොරසේ හා බලබෝව ප‍්‍රදේශවල ගවයන් තිදෙනකු එදින සොරාගෙන ගොස් තිබූ නිසා පසුදින එනම් 29 දින පේ‍්‍රමරත්න මහතා සිටියේ නිදිවර්ජිතවය.


ගම්පහ - දිවුලපිටිය ප‍්‍රධාන මාර්ගය අසලම ඔහුගේ නිවස පිහිටා තිබූ නිසා තමාට අයත් ගවයන් සොරාගෙන යාම ගව සොරුන්ට ඉතා පහසු කාර්යයක් බව පේ‍්‍රමරත්න මහතා දැන සිටියේය. තමාගේ නිවස තුළ ඔහුගේ වැඩිමහල් පුත‍්‍රයාත්, යාබද නිවසේ තම බාල පුත‍්‍රයාත් සිටින නිසා ප්‍රේමරත්න මහතා ගවසොරුන් පැමිණියහොත් ක‍්‍රියාත්මක වීමට සැලසුම් සහගතව සිටියේය.


29 දින අලූයම 2.10ට පමණ නිවස අසල බැඳසිටි තම ගවයන් අමුතුලෙස කෑගැසීම නිසා පේ‍්‍රමරත්න මහතා වහාම අවදි වී ඒ දෙසට ගියේය. ඒ වන විටත් මාර්ගය අසල නවතා තිබූ සුදුපැහැති වෑන් රථයකට තම ගවයෙකු නංවමින් සිටින බව ඔහු දැක්කේය.


‘‘ලොකුපුතේ නැගිටපන් හරක් හොරු ඇවිල්ලා’’ කියමින්ම පේ‍්‍රමරත්න මහතා වෑන් රථය දෙසට දිව ගියේය. ඒ වන විටත් වෑන් රථයේ එන්ජිම පණගන්වා තිබූඅතර එක් ගවයෙකු පමණක් පටවාගෙන වෑන් රථය ඉදිරියට ධාවනය වන්නට සූදානම් විය. තම ගවයා ගෙනයාමට ඉඩ නොදුන් ඔහු සොරුන් සතුව ආයුධ ඇති බව දැන දැනම වෑන් රථයේ එල්ලූනේය. තම ගමනට එල්ල වූ බාධාව ඉවරයක් කරන්නට යැයි සිතූ ගවසොරුන් තම ආයුධ වලින් පේ‍්‍රමරත්න මහතාගේ පපුවටත් උදරයටත් පිහිපාරවල් කීපයක් එල්ල කර තිබුණි. ඔහු එම ස්ථානයේම බරපතළ තුවාල ලබා බිම ඇද වැටුණි.

2


මේ පේ‍්‍රමරත්න මහතාගේ වැඩිමහල් පුත‍්‍රයා වන දිනේෂ් ජයමාන්න පවසන කථාවයි.


‘‘තාත්තා නිදාගෙන හිටිය කාමරයට අල්ලපු කාමරයේ මම නිදාගෙන හිටියේ. තාත්තා හරක් ගැන බලමින් නිතරම අවදියෙන් තමයි ඉන්නේ. ඒත් එදා තාත්තා මට කතා නොකරම එළියට ගිහින්. තාත්තා කෑ ගහන ශබ්දය ඇහිලා මම එළියට යනවිට මම දැක්කා පාර අයිනේ සුදුපාට වෑන් එකක් නවත්තලා තියෙනවා. ඒ එක්කම වගේ වෑන් එක ඉස්සරහට ධාවනය වුණා. මම අතට අහුවුණු පොල්ලකින් වෑන් රථයට දමලා ගැහුවා. ඒ පහරින් වෑන් රථයේ වීදුරුවක් බිඳිලා ගියා තාත්තා එතන වැටිලා හිටියා කියලාවත්, තාත්තට කරදරයක් වත් කියලා අපි දන්නේ නෑ. අපි හිතුවේ තාත්තාවත් ඒ වෑන් එකේ දාගෙන ගියා කියලා. අපි ඒ වෑන් එක පස්සෙ ලූහු බැන්ඳා. පසුව දැක්කේ තාත්තා ලේ විලක් මැද වැටී සිටින බව...’’


පේ‍්‍රමරත්න මහතාගේ ශරීරයට හරක් හොරුන් පිහියෙන් ඇන තිබුනේද ගවයෙකු මරන්නට තරම් ආයාසයක් ගෙන බව පෙනී යන්නේ ඔහුගේ ශරීරයට සිදුව තිබූ හානිය නිරීක්‍ෂණය කළ විටය. තමා දරුවකු සේ ආදරය කරමින් හැදූ ගවයා බේරා ගන්නට ඔහු වෑන් රථය අසලට දිවගියේ තම ජීවිත අවදානමද නොතකමිණි. ගම්පහ රෝහලට ගෙන යනවිටත් ඔහු මියගොස් තිබුණි. මියගිය පේ‍්‍රමරත්න මහතාගේ දියණිය වන ජේ. ඒ. ජී. දිල්හානි මෙසේ කීවාය.

gg
අපේ තාත්තාට හිටියෙ දරුවන් තුන්දෙනයි. මමයි අයියලා දෙන්නයි. ඒත් තාත්තා ඇති කළ හරක්ටත් සැලකුවේ දරුවන්ට වගෙයි. කවදාවත් හරකෙකුට ගහලා නෑ. කිරිටික ගන්නෙත් පැටවුන්ට බොන්න ඉතිරි කරලා. තාත්තා කාටත් උදව් කරමින් ජීවත් වුණා මිස කාටවත්ම කරදරයක් කළේ නෑ. උදේ පාන්දරින්ම නැගිටලා හරකුන්ගේ වැඩ කරනවා. තාත්තාගෙ මීට ඉස්සෙල්ලත් හරකුන් 12ක් සොරුන් ගෙනිච්චා. ඒ දවස්වල තාත්තා හිටියේ හරිම දුකෙන්. පොලිසියට කීවට එකම හොරෙක්වත් ඇල්ලූවේ නෑ. මම අහන්නේ මේ මිනීමරුවන්ට හරකෙකුගේ තරම්වත් වටින්නේ නැද්ද මාගේ තාත්තගේ ජීවිතේ’’ යනුවෙන්ද කියමින් ඇය විලාප තබන්නීය. ගව සොරකම ගම්පහ දිස්ත‍්‍රික්කයේ කෙතරම් උග‍්‍ර වී ඇතිදැයි යන්න පොලිස් පැමිණිලි පොත්වලින්ම සනාථවෙයි. 2014 වසරේ පළමු මාස 06 තුළ පමණක් ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, මහර හා දොම්පේ කොට්ඨාස හයෙන් පමණක් ගවයන් 500කට අධික ගණනක් සොරාගෙන ගොස් ඇත. මෙම සොරකම්වලට අදාළව අසල තිබූ සී.සී.ටී.වී කැමරා දත්ත හා ගවයන් සොරාගෙන යන්නට පැමිණි වාහනවල අංකද පොලිසි වෙත ලබාදී තිබුණද මෙතෙක් කිසිදු ඉදිරි පියවරක් ගන්නට පොලිසිය සමත් වී නැත.


මිනුවන්ගොඩ - නිල්පනාගොඩ විහාරස්ථානයේ බැඳ සිටි ගවයා පසුගිය ජනවාරි මස දිනක සොරාගෙන යන අයුරුත්, එම වාහනය පිළිබඳව දත්ත පොලිසියට ලබා දුන්නද පලක් වී නොමැති බවද විහාරාධිපතීන් වහන්සේ කීහ. මිනුවන්ගොඩ මාතම්මන පදිංචි ජර්මන් ජාතිකයෙකු සුරතලයට ඇතිකළ ‘‘අමාලි’’ නම් වූ වැස්සියද පසුගියදා මහ දවල් සොරාගෙන ගොස් තිබුණි.


තම ගවයන් සොරාගෙන යාම වඩ වඩාත් උග‍්‍ර වී ඇති බව පවසමින් ගම්පහ කිරිගොවීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ද සමඟ ගොස් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඞී. කොමසාරු මහතාටද පැමිණිලි කළහ. එහිදී එක් කිරිගොවියකු පැවසුවේ ගවයන් සොරාගෙන යාම පිළිබඳව පැමිණිලි කරන්නට යන තමන්ට පොලිසිය කුඩම්මාගේ සැලකිල්ල දක්වන බවත්ය. ගවයෙකු සොරකම් කිරීම පිළිබඳව පැමිණිලි කරන්නට ගිය ගොවියකුගේ පැමිණිල්ල මල්වතුහිරිපිටිය පොලිසිය මගින් භාරනොගත් බව පවසමින් කිරි ගොවියකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය.

m