සපුමල් ඔබට


 
වැව් තාවුලේ බට ලී හඬ ඇසෙනවිට   
ඇළ ළඟ දොලේ වැටකේ මල් පිපෙනවිට   
වෙල ළඟ කැලේ කොවුලන් ගී ගයනවිට   
සපුමල් ඔබව සිහිවනවා මෙමා හට   
 
පාඩම් පොත් දමාගෙන පන් මල්ලකට   
ගවරැල දක්කා ගෙන ගියේ ඔබ වනරොදට   
උන් තණ බුදියි නිහඬව පසෙක සිට   
වනපොත් කළා පාඩම් පොත් ඔබ හොඳට   
 
මා පිය දෙගුරුන්ට සැමදා හිස නවන   
මගෙ සෙනෙහසට පිටුපෑවත් ඔබ එදින   
ඔබ පිදු සෙනෙහසට පෙරදා හිස නමන   
ශීතල දුරු රටේ මා ඉන්නෙ දුකින   
 
උස් පුටුවකට වී අද ඔබ සතුටින්න   
පුහු ආටෝපයෙන් තොර දිවියක් ගෙවනුමැන   
ඉමිහිරි අතීතයේ නටුබුන් සමරන්න   
මා පිදු සෙනෙහසට තුති මල් පුදනු මැන   
අඹන්පොල ජයවි කුසුම් දිසානායක   
මිලානෝ - ඉතාලිය