
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මනමේ නාට්‍ය කණ්ඩායම අතර හමුවක් කොළඹ පස්වන පටුමග නිවසේදී අද (24)පස්වරුවේ පැවැත්විණි.
මහාචාර්ය එදිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයට වසර 70ක් පිරීම නිමිත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයකට අනුව මනමේ නාට්‍ය කණ්ඩායම එම නිවසට පැමිණියහ. එහිදී මනමේ නාටකයේ ගීත ගායනා සහ රඟ දැක්වීමි ද සිදුකෙරිණි.
ලලිතා සරච්චන්ද මහත්මිය ඇතුළු මනමේ නාට්‍ය කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමුගත්තේ සෙල්ෆි ඡායාරූපයකට ද පෙනී සිටීමෙන් අනතුරුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි මහලොකුවට “සිංහල බෞද්ධයෝ” කියලා කියාගන්න උදවිය. උඳුවප් පුර පසළොස්වක පෝය දවසටම මේ විදියේ නාඩගම් තියගන්න ඕනෑ පත්තරේට ෆොටෝ එකක් දාගන්න නේද? අනේ පව්, මේ අයට ගිය කලක්...! “අපේ රනිල්ටත් කලි යුගයේ දෙවියන්ගේ පිහිටයි... රනිල්ටත් දෙවියන්ගේ පිහිටයි...”
මහාචාර්ය සරච්චන්ද්‍ර ධර්මිෂ්ඨ රාජ්‍යය කියන පොත ලිව්වා කියලා තද වෙලා, කාණු පල්ලෙ දාලා එතුමාට පහර දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව තියෙන කාලේ. ලලිතා සරච්චන්ද්‍රට සිහිය විකල් වෙලාද? නැත්තං රනිල්ගෙ සිහිය විකල් වෙලාද?
සරත්චන්ද්‍ර මහත්තයටත් ලැජ්ජයි ඔය වගේ දුෂ්ටයකු බලන්න යාම, ඒ මහත්තයට වේදිකාව උඩට නැගල ගහපු මැරයො එව්වෙ ජේ ආර් ගෙ රජය, රනිල් කියන පව්කාරය ඒ රජයෙ ඇමතියෙක්, සරත්චන්ද් මහත්තයගෙ මායියට ලැජ්ජ නැද්ද ඔය අපතය බලන්න යන්න
අතීත අමනාපකම් අමතක කරන එක හොඳයි. මනමේ නිර්මාතෘට කාණුවක දාගෙන ගැහුවේ මාමගේ මැරයොනේ. බෑණා ඒකට සම්බන්ධයක් නෑ. මේක කිසිසේත්ම මහා නාට්‍යකරුවා පාවාදීමක් නොවේ.
කජු ගෙනියන්න කිවුවෙ නැද්ද කලාවත් විකූනගෙන කාපල්ලා
ඔළු බක්කෝ ටිකක් දාගෙන ගියා නම් නියමයි. මහාචාර්ය සරච්චන්ද්‍ර කණුවේ දාගෙන ගහන්න සෙට් කරපු එක ළඟට දාගෙන ගිහින් හා හා හා.
සරත්චන්ද්‍ර මහතා හිටිය නම් ඔය ගමන යන ඒක ක් නෑ
කෑම සංරක්ෂණය වුණේ නැද්ද?