මැකියුලේ කුල්කින්ව, බොහෝ දෙනා හඳුනන්නේ මීට වසර ගණනකට පෙර ‘හෝම් අලෝන්’ වැනි ළමා චිත්‍රපටවල රඟපෑ නිසයි. වයස 15 වන විට රංගනයෙන් ඉවත්වී සංගීත කණ්ඩායමක සාමාජිකයකු වූ ඔහු ඉබාගාතේ ඇවිදිමින් යන චරිතයක් බවටත් පත්වූ බව බොහෝ විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කලා.
ඔහු එවැනි තත්ත්වයකට පත්වූයේ සිය පෙම්වතිය වූ මිලා කුනිස් ඔහු වෙතින් ඈත්වීම නිසා බවයි සමහර මාධ්‍යයන් පවසා තිබුණා. ඉන්පසු ඔහු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින බව බොහෝ විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කරනු ලැබුවා. කෙසේ නමුත් පසුගිය දා මැකියුලේ පැවසුවේ තමන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන බවත්, මාධ්‍ය වලට සහ පුවත්පත්වලට අවශ්‍ය වී ඇත්තේ කුමක් හෝ පළ කර ජනප්‍රිය වන්නට බවත්, එම නිසා මෙවැනි මාධ්‍ය විසින් ඔහුව අලෙවි කරන බවයි.