1999 වසරේ තිරගත වූ "Varsity Blues" චිත්‍රපටයේ බිලී බොබ්ගේ චරිතය හරහා ජනප්‍රිය වී ප්‍රේක්ෂක ජනාදරයට පත් චිත්‍රපට නළුවෙකු වන රොන් ලෙස්ටර් පසුගිය සිකුරාදා ජීවිතයෙන් සමුගත්තේය. මිය යන විට 45 හැවිරිදි වියේ පසු වූ ලෙස්ටර්ගේ මරණයට හේතු වී ඇත්තේ අක්මාව සහ වකුගඩුවල අක්‍රියතාවයක් බැව් ඔහුගේ නියෝජිතවරයා වන ඩේව් බ්‍රෑඩ්ලි මාධ්‍යයට පවසා තිබේ.
එසේ පවසා ඇත්තේ ඔහු සිය අවසන් මාස හතරම ගත කළේ නේවාසික රෝහල් ප්‍රතිකාර යටතේ වීම හේතුකොටගෙනය. එබැවින් ඔහු පසුගිය නොවැම්බරයේදී කල්තියාම ටිව්ටරයක් නිකුත් කරමින් සිය වකුගඩු සහ අක්මා අක්‍රියතාව පිළිබඳ සිය රසිකයන් දැනුවත් කළේ තමාගේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාවයක ඉඟි කල් තියාම මතු කරමිනි. එය ඔහුගේ ටිවටර් පණිවිඩයේ සටහන් වී තිබුණේ මෙසේයි.
"Liver & kidneys are starting to heal, Came close to dying! Without my fiancé Jennifer Worland, I wouldn't be alive!"
මාලන් විදානපතිරණ