ජුනි මස 10 වැනිදා සිට ඇමෙරිකාවේ තිරගත වීම ආරම්භ කෙරුණු, ෆැන්ටසි ශානරයේ චිත්‍රපටයක් ලෙස සැලකෙන "Warcraft" මේ වනවිට ඇඩො.මිලියන 450කට ආසන්න ආදායමක් වාර්තා කරමින් මේ වසරේදී වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපට දහයට එක්වීමට සමත් වී ඇත. මෙම නවතම චිත්‍රපටයට පිරිවැය වශයෙන් වැයවී ඇති මුදල ඇ.ඩො. මිලියන 160කි. ට්‍රැවිස් ෆිමෙල්, පෝලා පැටන්, ඩොමිනික් කූපර් සහ බෙන් ෆෝස්ටර් ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබාදෙන අතර, මේ සඳහා පාදක වන්නේ අතිශයින් ජනප්‍රිය වූ "Warcraft" වීඩියෝ ක්‍රීඩාවයි.
යුනිවර්සල් චිත්‍රපට සමාගම මෙම සිනමාපටය නිසාම දැඩි මූල්‍ය අර්බුදයකට ගොදුරු වූ බව සැලකෙන මෙහි සම නිෂ්පාදනය තෝමස් ටල්, ජෝන් ජශ්නි, චාල්ස් රොවෙන්, ඇලෙක්ස් ගාට්නර් සහ ස්ටුවර්ට් ෆෙනෙගන්ගෙනි. ඩන්කන් ජෝන්ස්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ කතාව සහ තිර රචනයද අධ්යක්ෂ ඩන්කන් සහ චාල්ස් ලෙවිට්ගෙනි. 2014 වසරේ ජනවාරි මස මස සිට ඇමෙරිකාවේ වැන්කෝවර් නගරයේ රූගතකිරීම් ඇරඹි මෙම චිත්‍රපටය සීමන් ඩුගන්ගේ සිනමා කැමරාකරණයෙන් හැඩවූවකි. සිනමා සංගීතය රමින් ජවාඩිගෙනි.
ඔහු ජර්මානු සම්භවයක් සහිත ඉරාන චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකු වීමත් කැපී පෙනෙයි. කෙසේ වෙතත් තවමත් මේ සඳහා විචාරකයන්ගෙන් එතරම් ධනාත්මක ප්‍රතිචාර නොලැබීමත් සුවිශේෂි විශේෂත්වයකි.