'Warcraft' සිනමා නිර්මාණයකට


2016-06-10-ent-06පරිගණක වීඩියෝ ක්‍රීඩාවන් පිළිබද නිරන්තර අවධානයෙන් පසුවන්නන් අතර මෙන්ම ලොව පුරාම ප්‍රචලිත වීඩියෝ ක්‍රීඩාවක් ලෙස Blizzard Entertainment සමාගම විසින් නිර්මාණය කරන ලද "Warcraft Warcraft" ක්‍රීඩාව හැඳින්විය හැකිය. මෙහි ජනප්‍රියත්වය හේතුවෙන්ම මෙය නවකතා පොත් මාලාවක් බවට පත් වූ අතර, එම ග්‍රන්ථ පාදක කරගනිමින් දැන් එය සිනමා නිර්මාණයක් ලෙසද එළිදැක්වීමට නියමිතයි. ඒ ජූනි 10 දින එනම් හෙට දිනයේ සිටයි. ජූනි 6 වැනි දිනයේදී ලොස් ඇන්ජලිස්හි පැවති මංගල දර්ශනයෙන් අනතුරුව ජුනි 10 දිනයේ සිට මෙය ලොව පුරා තිරගත වීමට කටයුතු සූදානම්කොට ඇත. ඇමරිකානු ෆැන්ටසි වර්ගයට අයත් සිනමා නිර්මාණයක් ලෙස එළිදකින "Warcraft" සිනමා නිර්මාණය සුප්‍රකට අධ්‍යක්ෂක ඩන්කන් ජෝන්ස් විසින් අධ්‍යක්ෂණයකොට ඇති අතර, තිර රචනය චාර්ල්ස් ලීවිට් සහ ක්‍රිසි මෙට්සන් විසිනි.

බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනා ගනිමින් සාර්ථක ලෙස තිරගත වූ ඇවටර් සිනමාපටයට සමානත්වයක් දක්වන මෙම සිනමාපටය Azeroth නම් වූ මිනිස් වර්ගයාගේ පාලනය යටතේ පවතින ලෝකය ආක්‍රමණය කිරීම උදෙසා Draenor නම් වූ ලෝකයෙන් පැමිණෙන %Orc^ නම් වන ජීවීන් වර්ගය සමග ඇතිවන දරුණු සටනක් පාදක කරගනිමින් නිර්මාණයකොට ඇත. Legendary Pictures  සහ Universal Pictures සමාගම් ද්විත්වයේ එකතුවෙන් නිෂ්පාදනය කරන මෙහි රංගනයෙන් ට්‍රාවිස් ෆිමෙල්, පෝලා පැටන්, බෙන් ෆොස්ටර්, ඩොමිනික් කූපර, ටොබී කෙබෙල්, බෙන් ෂෙන්ට්සර්, රොබට් කැසින්කි සහ ඩැනියෙන් වූ දායක වෙයි.

මිනිත්තු 123ක කාල පරාසයක් ඔස්සේ දිවෙන මෙම සිනමාපටය නිර්මාණය උදෙසා ඇ.ඩො මිලියන 160ක පමණ මුලදක් වැයකොට ඇති අතර, මෙය ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වූවකි. මේ වන විටත් ඇ.ඩො මිලියන 75 ක මුදලක් උපයා ඇති මෙම නිර්මාණය බොහෝ පෙරළිකාර නිර්මාණයක් වේ යැයි නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තුවයි.

2016-06-10-ent-05