'අකිරා'පළමු ගීතය එළියට


2016-08-06-ent-03

සැප්තැම්බර් 02 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශන කිරීමට නියමිත ආර්. මුරුගුස්ගේ "අකිරා" චිත්‍රපටයේ පළමු ගීතය "රජි රජි කේ" පසුගියදා එළිදක්වනු ලැබීය. මෙම ගීතය චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සොනක්ෂි සින්හා විසින්ම මෙම ගීතය ගායනා කිරීම විශේෂත්වයකි.

මෙම ගීතය එළිදක්වනු ලැබූ දිනයේදීද සොනක්ෂි "රජි රජි කේ" ගීතය සජීවීව ගායනා කළ අතර, ගීත ගයමින් සිටින අතරතුරදී ඇය රැප් ශෛලියෙන්ද වචන කිහිපයක් මෙම ගීතයට එකතු කරමින් ගායනා කිරීම බොහෝ පිරිසක් පුදුමුයට පත් කරන්නට වූ සිදුවීමක්ද වු බව සඳහන්. "අකිරා" චිත්‍රපටයේ එන "රජි රජි කේ" ගීතය පසුගිය වසරේ තිරගත වූ "බද්ලාපූර්" චිත්‍රපටයෙහි "ජී කර්දේ" ගීතයට බොහෝවින් සමාන බව සඳහන් වෙන්නේ. මම චිත්‍රපටයේ සොනක්ෂි සමගින් කොන් කොන් සෙන් ෂර්මා හා අනුරාග් කාශ්‍යප්ද රංගනයෙන් දායක වනවා .