සිංහල රැප් කලාවට නවමුහුණුවරක් ගෙන එමින් DURTY DOGS විසින් නවතම ගීතයක් එළිදක්වා තිබෙනවා. "අඳුරු සෙවණැලි" ලෙස නම් කර ඇති මෙම ගීතය මේ වනවිට ඉහළ ප්‍රතිචාර ලබමින් පවතිනවා. මේ පිළිබඳව අපත් සමග කතාබහ කිරීමට DURTY DOGS හි සාමාජික ශේන් වික්‍රමසිංහ මෙලෙසින් එක්විය.
මුලින්ම ඔබේ කණ්ඩායම ගැන කිව්වොත්?
DURTY DOGS පටන් ගන්නේ "අඳුරු හෙවණැලි" කියන ට්‍රැක් එකත් එක්ක. ටීම් එකේ තුන්දෙනෙක් ඉන්නවා. සෙනුර, මධුක සහ මායි. 2014 වගේ තමයි සිංහල රැප් කරන්න ආවේ. පස්සෙ සෙනුර මල්ලිව සෙට් වුණා. තනි තනියෙන් ගොඩක් අය දැනන් හිටියට කණ්ඩායමක් ගැන දන්නේ කිහිප දෙනෙක් විතරයි. අපි මේ කණ්ඩායම පටන් ගත්තේ මෑතකදියි.
අඳුරු හෙවණැලි ගීතය ගැන කිව්වොත්?
මොකක්ද ඒකේ සංකල්පය? අඳුරු හෙවණැලි මේක ටිකක් අද්භූත පැත්තට යන ට්‍රැක් එකක්. ගොඩක්ම අපි පෙන්නන්න උත්සාහ කළේ කර්ම කියන දේ අපේ පස්සෙන් ඇවිත් මේ ඇත්තටම පලිසන් දීම වගේ අර්ථයක්. ට්‍රැක් එකේ වීඩියෝ එක බැලුවම ඒ දේ පැහැදිලි වෙනවා. මං දන්න තරමින් ලංකාවේ අද්භූත සංකල්පයක් ගෑවෙන පළවෙනි සිංහල රැප් එක අඳුරු හෙවණැලි.
ඒ ගීතය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. සිංහල රැප්වලට බැනපු අයත් කිහිප දෙනෙක්ම මේ ට්‍රැක් එක ගැන හොඳ ප්‍රතිචාර දැක්වූවා. සද්දෙට අහන්න පුළුවන් සම්ප්‍රදායික රැප් කලාවෙන් ටිකක් වෙනස් දෙයක් කියලයි හැමෝම කිව්වේ.
ලංකාව තුළ රැප් ගීත කලාවට ඇති ඉඩකඩ?
මම කලාවට ආවේ සිංහල රැප් කියනදේ ටික ටික උඩට එන කාලේ. ඒ දවස්වල නම් ටීවී එකේවත් ට්‍රැක් එකක් දැක්කෙ නැහැ. කිසිදු වැඩසටහනකටවත් සිංහල රැප් ගායකයෙක් ගෙන්නපු නැති කාලයක්. නමුත් දැන් වෙද්දි සිංහල රැප් හොඳ තැනක තියෙනවා වගේම, මාධ්‍යවලිනුත් ගොඩක් ඉඩ දීලා තියෙනවා. අලුත් දෙයක් මිනිස්සු වැලඳ ගන්න ටික කාලයක් යනවනේ.
ඉදිරි කටයුතු මොනවාද?
ඉස්සරහට අලුත් ට්‍රැක් ටිකක් ප්ලෑන් කරගෙන යනවා සහ ටීම් එකෙන් තව අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි කලාකරුවන් විදිහට අපේ රසිකයන්ට අහන්න බලන්න පුළුවන් දෙයකුයි දෙන්න ඕන නිසා හොඳම දේවල් ටිකක් ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ තනි ගීතයක් ගොඩක් දුරට ඉදිරි මාස දෙක ඇතුළත් එළිදක්වන්න ඉන්නවා. ඊට අමතරව නිරූපණයටත් එන්න ආසාවක් තියෙනවා. ඒකත් ඉදිරියේදී බලමු.
සහයෝගය දැක්වූ පිරිසක් ඇති නේද මතක් කරන්න?
අනිවාර්යයෙන්ම ඉන්නවා. මුලින්ම අපේ නිෂ්පාදක හේමක විජේරත්න (YAKA) වීඩියෝ පැත්තෙන් සමීර වගේම කැමරා පැත්තෙන් සිතුමින් ප්‍රනාන්දු මතක් කරන්න ඕනේ. මේ වීඩියෝ එකේ රසිකයන් අතරට ගෙනියන්න සහයෝගය දුන් හම්සා හනීෆා වගේම තිළිණ කලුතොටගේ මල්ලිවත් මතක් කරන්න ඕනේ. රැප් කර්මාන්තයට මුල්ම අඩිය තියන්න අත දීපු drill team හර්ෂණ රත්තම්බිගේ (dog loco) සහ සහයෝගය දුන්නු ඔක්කෝම අයට ස්තූති කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත