'ඇති තැනකින් සොයා' වීඩියෝවෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ක්‍රිෂාල්


2016-08-03-ent-31

කලාව හා ඊට හාත්පසින්ම වෙනස්වූ රැකියාවක නිතරව සිටින ඔහු, තරුවක් වීමට මූලික පියවර තබමින් සිටියි. තම කුලුඳුල් මියුසික් වීඩියෝව තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔහු නමින් ක්‍රිෂාල් මාපලගම. ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව "සාරවිට" සමගින් දොඩමළු වූ මොහොතකි මේ.

 

ඔයා ගැන පොඩි හැඳින්වීමක් කළොත්?

2016-08-03-ent-32මම ගැන කිව්වොත් මම ක්‍රිෂාල්. මියුසික්වලට තියෙන ආසාව නිසා මම මේ ක්ෂේත්‍රයට අලුතෙන් සම්බන්ධ වුණා. සජිත් වී. චතුරංග සහ චතුර රත්නායක හරහා දැනට මම චතුර කරපු "ඇති තැනකින් සොයා"  වීඩියෝ එකට සහභාගී වුණා. මේක තමයි මගේ මුල්ම වීඩියෝ එක. රැකියාව කරන අතරතුර තමයි මේ වැඩවලට සම්බන්ධ වෙන්නේ.

 

ඔයා ගැන පොඩි හැඳින්වීමක් කළොත්?

මම ගැන කිව්වොත් මම ක්‍රිෂාල්. මියුසික්වලට තියෙන ආසාව නිසා මම මේ ක්ෂේත්‍රයට අලුතෙන් සම්බන්ධ වුණා. සජිත් වී. චතුරංග සහ චතුර රත්නායක හරහා දැනට මම චතුර කරපු "ඇති තැනකින් සොයා" වීඩියෝ එකට සහභාගී වුණා. මේක තමයි මගේ මුල්ම වීඩියෝ එක. රැකියාව කරන අතරතුර තමයි මේ වැඩවලට සම්බන්ධ වෙන්නේ.

 

කොයි කාලේද කලාවට එකතු වුණේ?

වැඩි කාලයක් නැහැ. ගිය මාසේ සිට තමයි එකතු වුණේ. තවම මූලික අදියරේ පුහුණු වීම් කරමින් සිටිනවා.

 

මීට කලින් මොනවද කළේ?

මීට කලින් නම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා නැහැ. රැකියාවේ තිබුණු කාර්යබහුලත්වය හේතුවෙන්. නමුත් දින කිහිපයකට කලින් චතුර රත්නායකගේ වීඩියෝ දෙකකට සම්බන්ධ වුණා.

 

හිතනවද කලාව තුළින් ඉදිරියට යන්න අවස්ථාවක් තියෙනවා කියලා?

පාසල් කාලයේ සිට රංගනයට ආසාවක් තිබුණා. ඒ නිසා නර්තනය හා රංගන කලාව විෂයක් වශයෙන් හැදෑරුවා. ඊට පසුව ඉගෙනීම් කටයුතු හා රැකියාව හේතුවෙන් ඒ දේවල් මගහැරුණා. නැවතත් වෙලාව සකස් කරගෙන රංගනයෙන් ඉදිරියට යන්න තීරණය කළා. මම මේ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ මුදල් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මගේ රැකියාව කරන ගමන් තමයි මේ දේවල් සඳහා යොමුවෙන්නේ. ආශාවක් සහ උනන්දුවක් තියෙනවානම් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

 

කවුරු හරි මතක් කරන්න ඉන්නවාද?

මුලින්ම මගේ අම්මවයි, අප්පච්චිවයි මතක් කරනවා. ඒ දෙන්න මට ලොකු සහයෝගයක් දෙනවා. ඊට පස්සේ සජිත් වී චතුර, සඳුන් පෙරේරා, ආකාශ්, චමත්, ශෙනාල් මේ හැමෝටම මම ස්තූති කරනවා මගේ පිටුපසින් ඉඳන් මාව ඉදිරියට ගෙන යනවාට.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-08-03-ent-34
2016-08-03-ent-33