එළැඹෙන අගෝස්තු 06 වැනිදා පැවැත්වෙන දෙරණ "ස්ටාර් සිටි" රියලටි වැඩසටහනේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ රොෂාන් රණවනගේ "ඇමෙසින් ෆයිටර්ස්" කණ්ඩායම හා දුලිකා මාරපනගේ "සුපර් ගැන්ජෙස්ටර්" යන කණ්ඩායම්ය. අවසන් තරගයට ඇති සූදානම පිළිබඳව "සාරවිට" අපි රොෂාන් රණවනගෙන් විමසුවෙමු.
ඔව්. ලබන අගෝස්තු 06 වැනිදා පැවැත්වෙන දෙරණ "ස්ටාර් සිටි" රියලිටි තරගයේ අවසන් මහා තරගයට සූදානම් වෙනවා. මගේ කණ්ඩායම තමයි "ඇමෙසින් ෆයිටර්ස්." එහි නායකයා ලෙස කටයුතු කරන්නේ මමයි. මගේ කණ්ඩායමේ නිලන්ති ඩයස්, චිත් රූ පාඨලි, රජිත හිරාන්, නිනෝ අරලිය සාමාජික, සාමාජිකාවන් ලෙස කටයුතු කරනවා. අප සමග අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙන්නේ දුලීකා මාරපනගේ "සුපර් ගැන්ජෙස්ටර්" කණ්ඩායම.
අවසන් මහා තරගයට හොඳ සූදානමක් තියෙනවා. මේ රියලිටි තරගයේ මුල් තරගවලට වඩා ලොකු වෙනසක් අවසන් මහා තරගයේදී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තරගයේ ජයග්රහණය තීරණය වෙන්නේ ජනතාව ලබාදෙන කෙටි පණිවිඩ මත. ඉතින් පළමු තරගවලදී අපිට ඉතා හොඳ ප්රතිචාර රසික, රසිකාවියන්ගෙන් ලැබුණා. මම හිතනවා අවසන් තරගයේදීත් අපිට එවැනි ඉතා හොඳ ජනතා ප්රතිචාර ලැබෙයි කියලා.