මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබ දකින රුක්ෂානා දිසානායක වර්තමානයේ සිනමා නිළියක ලෙස කාර්යබහුල වී සිටින්නීය. සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ "නෙතු" ලෙසත්, "ආදරේ ගින්දරක්" ටෙලිනාට්‍යයේ "ගීතිකා" ලෙසත් චරිතවලට පණපොවන ඇය දැන් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද කටයුතු කරන්නීය. "සාරවිට" අපට ඇගේ හඬ අවධි කළේ මෙලෙසිනි.
"වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට කටයුතු කරන්න ගොඩක් ආසාවෙන් මම හිටියේ. ඒක මගේ ලොකු හීනයක්. ඒ හීනය දැන් සැබෑ වෙලා තියෙනවා. සිරස රූපවාහිනි නාළිකාවේ දැන් මම නිවේදිකාවක විදිහට කටයුතු කරනවා. මීට පෙර වෙබ් ප්‍රසන්ටර් කෙනෙක් විදිහට මම වැඩ කරලා තියෙනවා. නමුත්, පළමු වතාවට තමයි රූපවාහිනි නාළිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නියක විදිහට මම කටයුතු කරන්නෙ. ඉතින් ගොඩක් සතුටුයි මට නිවේදිකාවක විදිහට වැඩ කරන්න ලැබුණු එක සම්බන්ධව."
බුද්ධික සේනාධීර / ඡායාරූප - රුක්ෂානාගේ ෆේස්බුක් ගිණුම