'උලත් එකයි පිළත් එකයි' එක්ක නැවත සිනමාවට එන රොශාන්


2016-05-19-ENT-66

2016-05-19-ENT-63ලාංකික සිනමා ක්ෂේත්‍රයේ පෙම්වතෙකු ලෙස ජනප්‍රියත්වක් හිමි චරිතයක් ලෙස රොෂාන් රණවන හැඳින්විය හැකිය. ඔහු රංගනයෙන් දායක වූ "උලත් එකයි පිලත් එකයි" සහ "The Rainbow" යන චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතව ඇත. ඒ පිළිබඳව "සාරවිට" සමග පැවසුවේ මෙවැන්නකි.

"තව කිව්වොත් මම රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතයි. එකක් තමයි "උලත් එකයි පිළත් එකයි" සහ "රේන්බෝ" කියන චිත්‍රපටයයි. මේ චිත්‍රපට දෙකම මැයි මාසයෙන් පස්සේ එළිදැක්වීමට නියමිතය. "රේන්බෝ" චිත්‍රපටය ගැන කතාකළොත් නවක නිළියක් එක්ක තමයි රංගනයෙන් දායක වුණේ. ඇය තනාෂා සතරසිංහයි. එයාගේ උපරිම සහාය ලැබුණා. එයාගේ වැඩේ විතරක් කරලා පාඩුවේ ඉන්න ළමයෙක්. චිත්‍රපටය ගැන කිව්වොත්, ඇක්ෂන් ගණයට වැටෙන චිත්‍රපටයක්. මම දායක වූ චිත්‍රපටවල සටන් ජවනිකා තිබිලා තියෙනවා. නමුත්, මෙම චිත්‍රපටයේ සටන් ජවනිකා 4ක් සමග වෙනසක් කරපු චිත්‍රපටයක්.* මම රියැලිටි වැඩසටහනක් සඳහා දායක වූ දෙවැනි අවස්ථාව මෙයයි. "සිරස ඩාන්සින් ස්ටාර්" වලට වඩා වෙනස්ම කාර්යයක් තමයි දෙරණ ස්ටාර් සිටි එකේ තිබෙන්නේ. රංගනයෙන්ද ගායනයෙන්ද නර්තනයෙන් යන කාර්යය තුනම මෙහි ඇතුළත් වෙලා. ඉතිං වෙනස්ම අත්දැකීමක් ලැබුණා. "

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-05-19-ENT-64
2016-05-19-ENT-65
2016-05-19-ENT-67