ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානවල හටගත් සන්නිවේදන පද්ධති දෝෂයක් නිසා එරට ගුවන් යානා පිටත්වීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි.
ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සඳහන් කර ඇත්තේ විදුලි සංදේශ පද්ධතියේ ඇති වූ තාවකාලික බිඳවැටීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.
ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස රට පුරා ගුවන් යානා පිටත්වීම් තාවකාලිකව නතර කිරීමට බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා.
ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් එක් එක් අවස්ථාව වෙන වෙනම සලකා බලා තීරණ ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ගුවන් ගමන් නිරීක්ෂණ දත්තවලට අනුව, ගුවන් යානා පිටත්වීම් නතර කිරීමේ නියෝගය නිකුත් කරන අවස්ථාවේදී ඇමෙරිකානු ගුවන් තොටුපොළ වෙත ගමන් කරමින් තිබූ ගුවන් යානා සංඛ්‍යාව 4,042 කි.
මෙම ගැටලුව හේතුවෙන් ඇමෙරිකාවේ ගුවන් ගමන් කාලසටහන්වලට බාධා එල්ල වී ඇති බවත්, ගුවන් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd