'කබාලි' උතුරු ඉන්දියාවටත්


2016-07-28-ent-43

දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රංගනයෙන් දායක වන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන "කබාලි" මේ වනවිට උතුරු ඉන්දියාවේදී ප්‍රදර්ශනය වීම ආරම්භ කර තිබේ. මේ වනවිට උතුරු ඉන්දියාවේ පමණක් මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 17කට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇති බව "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. මෙම වෙබ් අඩවිය සඳහන් කරන්නේ දමිළ චිත්‍රපටයක් උතුරු ඉන්දියාව තුළ ප්‍රදර්ශන කරමින් උපයා ගත් ඉහළම ආදායම මෙය වනු ඇති බවයි.

දැනට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 290කට ආසන්න මුදලක් උපයාගෙන ඇති මෙම චිත්‍රපටය විදේශයන්හිදිද එවැනිම සාර්ථකත්වයක් ලබා ඇති බව සඳහන් වේ. මෙම චිත්‍රපටය විසින් මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවේ සිනමා වාර්තා 17ක් බිඳ දමා තිබෙන බවද සඳහන් වේ.

 

 

related-ARTICAL