2014 වසරේදී තිරගත වූ "කික්" චිත්‍රපටයේ දෙවැනි නිෂ්පාදනය තවත් වසර දෙකකින් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙන බව "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය මුලින් 2017 වසරේදී ප්‍රදර්ශන කිරීමට සැලසුම් කර තිබුණද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සල්මාන් ඛාන් එළැඹෙන වසරේදී කබීර් ඛාන් හා රාජ්කුමාර් සංතෝෂිගේ චිත්‍රපට සඳහා එක්වීම හේතුවෙන් මෙම චිත්‍රපටයේ මෙසේ කල්ගත වූ බව සඳහන් වේ.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය සුපුරුදු පරිදි සල්මාන් ඛාන් විසින් නිරූපණය කරන අතර, ඔහුගේ පෙම්වතිය ලෙස මෙවර පෙනී සිටින්නේ "හීරෝපාන්ති" හා "දිල්වාලි" චිත්‍රපට තුළින් අතිශය ජනප්‍රිය වූ සුරූපී ක්‍රිති ෂැනොන්ය. මෙම චිත්‍රපටයේ කතා තේමාව පළමු චිත්‍රපටය වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගන්නා එකක් වන අතර, පළමු චිත්‍රපටයේ රඟපෑ ජැක්ලින් ෆර්නැන්ඩේස්, රන්දිප් හුන්ඩා වැනි ප්‍රධාන චරිත මෙවර නොමැති බවද සඳහන් වේ.