'කුරුම්බා' එක්ක අලුත් ගීතයක්


 

2016-04-23-ent-111

2016-04-23-ent-110

"ඩෙනිමක් වගේ" කිව්වොත් බොහෝදෙනා හඳුනන දෙව්ශාන් පෙරේරාගේ අලුත් ගීතයක් නිර්මාණය වෙමින් පවතිනවා. උමාරියාගේ ස්වාමියා වන දෙව්ශාන් ඔහුගේ සංගීත කණ්ඩායම වන "කුරුම්බා" සමග ඉදිරි වැඩකටයුතු පිළිබඳ අපත් සමග මෙසේ පවසා සිටියා.

"අපේ අලුත් ගීතයක් එනවා "කුරුම්බා" සංගීත කණ්ඩායමත් එක්ක. ඊට අමරතව මේ දවස් ටිකේ අපේ සංගීත කණ්ඩායමට සඳහා ප්‍රසංග තියෙනවා. එළිදක්වන ගීතයත් වෙනස්ම තාලයේ ගීතයක්. "ඩෙනිමක් වගේ" කියන ගීතය තමයි මමයි, මගේ බිරිඳයි එකතු වෙලා කියපු පළමුවැනි ගීතය. ඒකයි ඒකේ පොඩි වෙනසක් තියෙන්නේ. "කුරුම්බා" සංගීත කණ්ඩායමත් වෙනස් දෙයක් කරන් සංගීත කණ්ඩායමක්. "කුරුම්බා" කියලා නම දාන්න හේතුවුණේ ඒක අපේ දෙයක් හින්දයි. ඉතිං අපේ සද්දේ දාලා ලංකාවට හරියන දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තව අපි දෙන්නා ගායනා කරන ආදර ගීත වගයක් තියෙනවා. හැබැයි ඒ ටික කවදා එළියට දාන්න පුළුවන් වෙයිද කියලා කියන්න බැහැ."

 

ඩිලාන් ක්‍රිෂාන්ත