'ඩෙංගු දේශපාලන වේදිකාවටත් ගිහින්'


"පවුලේ සැවොම දැන් සුරක්ෂිතයි" තේමාව යටතේ  ඩෙංගු මර්දන වැඩ සටහනක් අද (09) පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී ආරම්භ විය.

ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මාධ්‍ය අංශයේ සංවිධානයෙන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය ( ඩෙංගු මර්ධන ඒකකය ), ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසීය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

‘ඩෙංගු මර්දන සටනක් අපි ගෙන යන මොහොතකදී ත්‍රිවිධ හමුදාව,සිවිල් ආරක්ෂක බලකාය,පොලීසිය සහ සියලුම රාජ්‍ය ආයතන එකතු වෙලා කොළඹ නගර සභා විශාල මෙහෙවරක් කරනවා. අද ඩෙංගු රෝගයත් පාවිච්චි කරනවා දේශපාලන වේදිකා වලට. ඩෙංගු හැදෙන්නේ තමන්ගේ සහ තමා වටේ ඉන්න උදවියගේ ආත්මාර්තකාමී කම නිසා. ඒ අයට අපිට තදින් නිතීය ක්‍රියාත්මක කරන්න වෙනවා‘ යැයි මෙම වැඩසටහනට එක් වෙමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කීවේය.

DSC_0482 DSC_0484 DSC_0485 DSC_0492