'දංගල්' වෙනුවෙන් අමීර්ගේ නිවසේ සාදයක


2016-07-28-ent-42

ඔක්තෝබර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා තිරගත කිරීමට සැලසුම් කර ඇති "දංගල්" චිත්‍රපටය වෙනුවෙන් එහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන අමීර් ඛාන් සිය මුම්බායි නිවසේදී රාත්‍රී ප්‍රිය සම්භාෂණ උත්සවයක් ඊයේ දිනයේදී පවත්වා ඇත. මේ සඳහා ඔහු ආරාධනා කර තිබුණේ "දංගල්" වෙනුවෙන් දායකත්වය සැපයු සියලු නළුනිළියන් හා කාර්මික මණ්ඩලයට බව සඳහන් වේ.

ඔහු රාත්‍රී භෝජන සංග්‍රහය මධ්‍යයේ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටයක්ද, එහි ඇතුළත් ගීත කිහිපයක්ද ප්‍රචාරය කර තිබෙන බවද සඳහන් වේ. "දංගල්" චිත්‍රපටය හරහා සිනමා ප්‍රේක්ෂකයන් හමුවන අමීර් අවසන් වරට රංගනයෙන් දායක වුයේ 2014 වසරේ තිරගත වූ රාජ්කුමාර් හිරුණිගේ "පිකේ" චිත්‍රපටයේය. මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටය නැරඹු බොහෝ සිනමා විචාරකයන් පිරිසක් සඳහන් කර ඇත්තේ, මෙම චිත්‍රපටය පහසුවෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක සීමාව ඉක්මවා යනු ඇති බවයි.

 

2016-07-28-ent-41

2016-07-28-ent-40