නාගේෂ් කුකුනූර්ගේ නවතම චිත්‍රපටය වන "ධනක්" හි තේමා පාඨය සැබෑ විනෝදකාමී පවුල්සාමාජිකයා බව එහි අධ්යක්ෂවරයා පවසයි."එක් තා ටයිගර්", "බජ්රන්ගි බයිජාන්" යන චිත්‍රපටවල අධ්යක්ෂවරයා වන ඔහු සහ ඔහුගේ බිරිඳ වන මිනි මාතූර් මෙම නවතම චිත්‍රපටය සඳහා සුදුසු දක්ෂ ළමා නළු නිළියන් සොයා දුෂ්කර ගමනක නියැළී ඇති අතර, මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන හේටාල් ගාදා(පරී) සහ ක්‍රිෂ් චහබ්රියා(චෝටු) තෝරා ගැනෙන්නේ මේ අනුවයි. අධ්යක්ෂ කුකුනූර් පවසන ආකාරයට මෙම චිත්‍රපටයේ කොඳු නාරටිය වන්නේද ළමා නළු නිළියන්ය. චිත්‍රපටය වීදි දරුවන් තේමා කර ගත් චිත්‍රපටයක් බවද කියැවේ.