'නැට්ටුක්කාරයෝ' ජාතික රූපවාහිනියෙන්


20160321-ent-08

20160321-ent-11ටී.ජී.සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කරනු ලබන නවතම ටෙලි නිර්මාණය වන "නැට්ටුක්කාරයෝ" සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.35ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. කොටස් 35කින් සමන්විත මෙම ටෙලි නාට්‍ය බලය සදහා මිනිසුන් නටවන මිනිසුන්ගේ කතාව යන තේමාව ඔස්සේ නිර්මාණය වී තිබේ. එහි කතා තේමාව මෙසේය.

විනීතා රණදේව සමූහ ව්‍යාපාරයක් හිමි කාන්තාවකි. ඇය තරුණ අවධියේ විවාහ වී වයස අවුරුදු 03 ක පමණ දියණියක් සිටියදී එම සැමියා මිය යයි. ඉන්පසු ඇය නැවත විවාහ වන්නේ ඇය සේවය කරමින් සිටින සමූහ ව්‍යාපාරයක් හිමි ඩේවිඩ් රණදේව සමගය. කාලයේ ඇවෑමෙන් ඔවුනට පුතෙකු ලැබෙයි. විනීතාගේ මුල් විවාහයේ දියණියගේ නම ඉන්ද්‍රානි වන අතර, දෙවැනි විවාහයේ පුතාගේ නම ජයදේවවේ. මොවුන් දෙදෙනා අතර කුඩා කල සිටම නොරිස්සුම් ස්වභාවයක් පවතී. කෙසේ නමුත් ඩේවිඩ් සහ විනීතා එක්ව ඔවුන්ගේ උත්සාහයෙන් මෙම සමූහ ව්‍යාපාරය දියුණු මට්ටමකට ගෙන ආ නමුත් යම් යම් පරිපාලන දෝෂ හේතුවෙන් මෙම ව්‍යාපාරය විශාල ණය බරක් සහිත පාඩු ලබන තත්ත්වයක් බවට වර්තමානයේ පත්වී ඇත.

ජයදේව විවාහ වී එක් දරුවෙකු සිටින අතර, ජිවිතය ඉතා සැහැල්ලුවෙන් ගතකිරීමට තැත් කරන පුද්ගලයෙකි. ඉතා තදින් මත්පැනට ලොල් වූ මොහු තුළ නැටුම් බැලීමට ඇත්තේ ඉතා තදබල ආශාවකි. ඉන්ද්‍රානි ජයදේවට වඩා වෙනස් ගතිගුණ ඇති තැනැත්තියකි. ඇය විවාහ වී නොමැති අතර, කිසිවෙකුට හිස නැමීමට අකමැති මඳක් මුරණ්ඩු කාන්තාවකි.‍

මෙම සමූහ ව්‍යාපාරය යටතේ පවතින එක්තරා කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු වන දසනායක නම් පුද්ගලයෙකුගේ දූෂිත කටයුතු මොවුන්ගේ ව්‍යාපාරය කඩාවැටීමට ප්‍රධාන හේතුව වන බව ඉන්ද්‍රානි වටහා ගනී. එමනිසා එම දූෂිත නිලධාරියා මෙම කර්මාන්ත ශාලාවෙන් නෙරපා දැමීමට ඇය තීරණය කරන අතර, මෙයින් ගැලවීම පිණිස දසනායක නම් මෙම නිලධාරියා ජයදේව සමග මිත්‍රකමක් ඇති කරගනී. එමගින් ඉන්ද්‍රානිව එම තනතුරෙන් පළවාහැර ජයදේවට එහි පාලන බලය ලබාගැනීමට ඔහු පොළඹවයි. මෙම සමූහ ව්‍යාපාරය හිමි සොහොයුරා සහ සොහොයුරිය අතර ඇති වන ගැටුමට මවට මැදිහත්වීමට සිදුවෙයි.

 

තිරරචනය සහ අධ්‍යක්ෂණය -

ටී.ජී.සුසිරන් ද සිල්වා

කැමරාකරණය -

රංජිත් ජයන්ත‍

සංස්කරණය -

ප්‍රියන්ත විජේසූරිය

සංගීතය -

ආනන්ද ගමගේ

සහාය අධ්‍යක්ෂණය -

චමින්ද හේවාවසම්

කලා අධ්‍යක්ෂණය -

දිමුතු ප්‍රියජනක‍

වේශ නිරූපණය -

සඳුන් අතුකෝරල

නිෂ්පාදන කළමනාකරණය -

විරාජ්  වර්ණකුලසුරිය

නළු නිළි ශිල්පීන් -

 

ජයලාල් රෝහණ 

නිරෝෂා තලගල

කුමාර තිරිමාදුර 

රොෂාන් පිලපිටිය

මාධනී මල්වත්තගේ 

වසන්ත කුමාරසිරි

හයසින්ත් විජේරත්න 

රුවන්ති මංගලා

දිලිනි ලක්මාලි 

ආනන්ද අතුකෝරල

උජිත් සඳරුවන් 

උමයංගනා වික්‍රමසිංහ

නිලූකා රේඛානි

 

 20160321-ent-20
20160321-ent-19
20160321-ent-18
20160321-ent-17
20160321-ent-16
20160321-ent-12
20160321-ent-14
20160321-ent-15
20160321-ent-10
20160321-ent-09
20160321-ent-07
20160321-ent-06


related-ARTICAL

  • ජයලාල් රෝහණ යළිත් පුංචි තිරයේ...