'මල නොතලා රොන් ගන්නා සේ බදු ගන්න ඕනෑ '


විවිධ පුද්ගලයන් මහ පාරේ ඇවිදමින්  හා  දේශපාලන වේදිකාවලට නඟමින්  කියන සුරංගනා කථා අනුව රටේ  ආර්ථික වර්ධනය ඇති  කළ නොහැකි  බව ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  කොළඹ දී  ශ්‍රී  ලංකා  ආර්ථික සමුළුවේ දී අද (02) පැවසීය.

ආර්ථිකය දියුණු කිරිමේ දී අධික සහනාධාර  වියදම්  පිළිබඳ නැවත සිතා  බැලිය යුතු යැයි ජනාධිපති පැවසීය.

ක්‍රමවත්ව බදු ගෙවන පිරිස නැවත තැවතත්  පීඩාවට  පත් කිරිම වෙනුවට  බදු නොගෙවන්නන්ගෙන්  බදු  අය කරමින්  ක්‍රමවත්ව බදු ගෙවන්නන්ට  සහන ලබාදීය  යුතු  යැයි ද ජනාධිපතිවරයා කීය‍.

DSC_5161 DSC_5279