ගායිකාවක, නර්තන ශිල්පිනියක, ගීපද රචිකාවියක සහ ව්‍යවසායිකාවක ලෙස ඉදිරියෙන් සිටින යුවතියක් ලෙස ඇයව හැඳින්විය හැකිය. පසුගිය දිනවල You-tube ජාලය තුළ වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත් වූ "ගිනියම් රෑ" සහ Seylfie ගීතයේ ගායිකාව වන ශර්මෙන් විල්ස්ගේ මේ දිනවල ජනප්‍රිය වීඩියෝවක් තිබේ. ඒ නෙවිල් ප්‍රනාන්දු විසින් ගායනා කරන "මාස්ටර් සර්" ගීතය නැවත ඇය ගායනා කරනු ලබයි. මේ ඒ පිළිබඳ දැන ගැනීමට අපත් සමග ඇය මෙසේ එක්කාසු විය.
"මාස්ටර් සර්" ගීතය නැවත ගායනා කළේ ඇයි?
මම සිංහල ගීත ගායනය ටික ටික පටන් ගන්නවා. මම පසුගිය අවුරුදු දෙකේ මම ඉංග්‍රීසි ගීත තමයි වැඩි වශයෙන් කරලා තිබුණේ. දැන් මම සිංහල ඒවා ආසයි පටන් ගන්න. මම යම් යම් දේවල් මගේ විදිහට අත්හදා බලනවා. සිංහල සිංදුව ඒ විදිහට තිබිලා අලුත් තාලෙකට නිර්මාණය කරන්න මම උත්සාහ කරනවා.
ඒ කියන්නේ ඉදිරියේදී සිංහල ගීත සඳහා වැඩි නැඹුරුවක් දක්වනවාද?
ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකටම නැඹුරක් තියෙනවා. මම දෙකටම ආසායි කරන්න. දෙකම එක සමාන විදිහට කැපවෙලා කරන්න බලාපොරොත්තු වෙනවා.
"මාස්ටර් සර්" ගීතය ලැබෙන ප්‍රතිචාර?
ඒ සිංදුවට ගොඩක් අය කැමතියි. ආස නැති කට්ටියකුත් ඉන්නවා. නමුත් ගොඩක් අය ඒ සඳහා කැමැත්තක් දක්වනවා. ඒකට මම ගොඩක් සතුටුයි. "මාස්ටර් සර්" ඔරිජිනල් ගීතය අරගෙන මගේ රසයත් එකතු කළා. මුල් ගායනයට හානි නොවෙන්න සිංදුව කළා. ගොඩක් නිර්මාණශීලිව කරන්න තමයි උත්සාහ කළේ. ඒ කරපු දෙයට ගොඩක් කට්ටිය ආස කළා. ඒකනිසා මම බය නැහැ ඉදිරියටත් ඒ දේවල් කරන්න. මොකද ඒ දේට ආස කරන පිරිසක් ඉන්නවා.
Cover Version එකට සාධාරණයක් වුණා කියලා හිතනවාද?
ලැබී තියෙන ප්‍රතිචාර අනුව මම හිතනවා ඒ දේ වෙලා තියෙනවා කියලා. මම නිර්මාණය කරලා තියෙන දේ මටම විනිශ්චය කරන්න බැහැනේ. ඒ දේවල් ගැන රසික රසිකාවියන්ගෙන් තමයි අහන්න ඕනේ. ඒ අයට ඒ දේ Connect වෙනවානම්, ඒ දේට ආස නම් මම ඒකට සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා.
ඉදිරි කටයුතු
"ගිනියම් රැයේ" වීඩියෝ එක එළිදක්වනවා. "අපි නටමු"කියලා අලුත් ගීතයක් තියෙනවා. ඒක් මාර්ස් මාර්කට් ගීතයක්. ඒකටත් වීඩියෝ එක කරලා ඒක ඊළඟ මාසේ එළිදක්වනවා. ඒ අතරතුර "Cover Song" කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත