'සිල්ලර කාසි' ජාතික නාළිකාවෙන්


2016-04-23-ent-32

2016-04-23-ent-37"වසන්ත කුසලාන", "ඉසුරු භවන", "ඇබෑර්තු ඇත", "බොරලු පාර" ආදී සම්මානනීය ටෙලි නාට්‍ය නිර්මාණ කරන ලද ජනක සුරංජිත්ගේ නවතම ටෙලි නිර්මාණය වන "සිල්ලර කාසි" මැයි 03 වැනිදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. මෙය ජාතික රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය අංශයේ ඉදිරිපත් කිරීමකි.

“නිකේත රාජ්‍ය ආයතනයක ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙස සේවය කරන්නෙකි. ඔහුගේ බිරිඳ පුන්සරා ද රජයේ රැකියාවක නියුක්තව සිටින්නීය. ඔවුන්ට නේලි නම් වූ සාමාන්‍ය පෙළ හදාරන වයසේ සහ නෙත්මි නම් වූ 02 වසර අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනෙක් සිටිති. ඉක්මනින් දියුණු විමේ නිකේතගේ අපේක්ෂාව මත විශාල නව නිවසක් තැනීමට ණය වන ඔවුහු එපමණකින් නොනැවතී මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා ද ෆිනෑන්ස් සමාගමක ණය සිරකරුවන් බවට පත් වෙති."

බැංකු ණය කාඩ්පත් සහ රැකියා ස්ථානයේ ආපදා ණය ඇතුළු සියලු ආකාරයේ විධි ක්‍රමවලින්ද රත්රන් භාණ්ඩ උකස් කිරීමෙන්ද තවදුරටත් ණය වන ඔවුහු අවසන ෆිනෑන්ස් සමාගම විසින් රැගෙන යන ලබන මෝටර් රථය බේරාගැනීමේ අපේක්ෂාව මත ගිනි පොලීකරුවෙකුටද ණය වෙති. නිකේත ගිනි පොලීකරු වෙත රැගෙන යන්නේ ඔහුට අහම්බයකින් මුණගැසෙන දර්ශන නම් වූ බස් රථ කොන්දොස්තරවරයෙකු විසිනි.

 

 

2016-04-23-ent-26
2016-04-23-ent-27
2016-04-23-ent-28
2016-04-23-ent-29
2016-04-23-ent-30
2016-04-23-ent-31
2016-04-23-ent-33
2016-04-23-ent-34
2016-04-23-ent-35
2016-04-23-ent-36