2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවූයේ එක් ධුර කාලයක් සදහා පමණි. ඒ, 2017 සිට 2021 දක්වාය. ඒ අනුව, ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබේ.
තව නොබෝ දිනකින් ඇමෙරිකානු මධ්‍ය වාර මැතිවරණ ආරම්භ වෙයි. ට්‍රම්ප් මේ වනවිටත් ඊට සූදානම් වන බව පැවැසෙයි.
2020 වසරේ තමා පරාජයට පත් වී, ඩිමොක්‍රටික් අපේක්ෂකයා ගෙස ජෝ බයිඩන් ජයග්‍රහණය කළේ, සිදුවුණු ඡන්ද වංචා නිසා යැයි අයෝවා ඡන්ද රැස්වීමකට එක් වෙමින් ට්‍රම්ප් චෝදනා නගා ඇත.
මේ අතර වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, මධ්‍යවාර මැතිවරණයට සූදානම් වෙයි. ඔහුට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහාය හිමිවෙයි.
ඔබාමා ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවද්දී, බයිඩන් ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
(සී.එන්.එන්.)