
(මනෝප්රිය ගුණසේකර)
කොළඹ සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨයෙන් පැවැත්වු ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා 2022/2023 පාඨමාලාවට අදාළ ලේඛණ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විනාශ නොකර තබාගන්නා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා, කථිකාචාර්යවරුන් ඇතුළු නිලධාරීන් හත්දෙනකුට නියම කරන ලෙස අදාළ පාඨමාලාව හැදැරූ සිසුවකු නුගේගොඩ දිසා විනිසුරුවරයාගෙන් අද ඉල්ලා සිටියේය.
විභාග අක්රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවකු වන සනත් කුමාර අතුකෝරල මහතා පවරා ඇති නඩුව කැඳවු අවස්ථාවේදී නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය එලෙස ඉල්ලා සිටියාය.
කොළඹ සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුවකු වූ සනත් කුමාර අතුකෝරළ මහතා මෙම වන්දි නඩුව ගොනු කර ඇත.
සනත් කුමාර අතුකෝරළ මහතා මෙලෙස නඩු පවරා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් වන ඩී.සී.එල්. දියගුආරච්චි, ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න, එහි අංශ ප්‍රධානී සෂිකා අබේධීර මනෝරත්න, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න, උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට සහ නීතිපතිවරයාට එරෙහිවය.
නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය මගින් සිය පැමිණිල්ල ඉදිරිපත් කරන සනත් කුමාර අතුකෝරල මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2022/2023 හැදෑරීම සඳහා කළ ඉල්ලීමකට අනුව එම පාඨමාලාව හැදෑරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් තමන් බඳවා ගත් බවත් පාඨමාලාවේ පළමු තෙස්තමේන්තුවේදී කිසිදු අර්බුදයක් උද්ගත නොවූ නමුත් දෙවැනි තෙස්තමේන්තුවේදී 508 විෂය වශයෙන් හඳුන්වනු ලබන ‘කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය’ සහ 510 විෂය වශයෙන් හඳුන්වනු ලබන ‘ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය’ විෂයන්වලදී තමන්ට විශාල අසාධාරණයක් වූ බවත් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd