79 වන නිදහස් සමරුවට ඇමැති මණ්ඩල අනුකමිටුවක්


(නිමල කොඩිතුවක්කු)

79 වන නිදහස් දින සමරු උළෙලේ සංවිධාන කටයුතු සඳහා අමාන්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

2027-02-04 දිනට යෙදෙන මෙරට 79 වන නිදහස් දින සමරු උළෙලෙහි කටයුතු සංවිධානය හා මෙහෙයවීම සඳහා ගරු අග්‍රාමාක්‍ය තුමියගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ ගරු අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් යුතුව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.