සංඛේතාත්මකව රූපක ඇසුරෙන් පෙන්වන සිනමාව ලංකාවට අතිශයින් සමීප නැතත් විදෙස් සිනමාව බොහෝ විට එම තත්ත්වයට විවෘතයි. මේ පෙන්නන්න යන කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලක්සිරී නවෝදනී විජේසිංහ ඒ ගැන කියන කතාව ඔබේ මනසට කොතරම් කාවදිනවාද යන්න චිත්‍රපටය නැරඹීමට පෙර සහ පසු අගයයන් දෙකක් ගන්නා බව සඳහන් කළ යුතුමයි. මේ ලක්ෂීගේ අදහස්...
ලංකාවේ අධ්‍යාපන ක්‍රෙට් හරිම මානසික පීඩාකාරී ලෙස සැකසුනක්. ඒ ඇසුරේ ළමුන්ගේ හැසිරීම දක්වන කෙටි චිත්‍රපටයක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් අවුරුදු දහයක් දොළහක් වෙච්ච ළමයෙකුට ශිෂ්‍යත්වයෙන් පස්සෙ හම්බෙන නිදහස මම මේකෙදි පෙන්නන්න උත්සාහ කළා.
මේ චිත්‍රපටයෙ ප්‍රධාන වෙන්නෙ භූමිකා දෙකයි. ඒ පාසල් යන ළමයෙක් සහ කඩියෙක්. මේ කඩියාගෙන් නිරූපණය වන ළමා මනස පිළිබඳ ඔබට සිතන්නට වැඩි ඉඩක් දීම ලක්සිරීගේ අදහසයි. එය නැරඹීම ඔබගේ මනසටද යම් සහනයක් ගෙනෙනු ඇති.
රංගනය - කුෂාන් රවිඳු
අධ්‍යක්ෂණය සහ පිටපපත - ලක්සිරී නවෝදනී විජේසිංහ
කැමරාකරණය, සංස්කරණය සහ දෘෂ්‍ය ප්‍රයෝග - සම්පත් කුමාර