Fan චිත්‍රපටය රසිකයන්ට පෙර නළුනිළියන් බලලා


2016 අවුරුද්දේ බොලිවුඩයේ කාගේත් විශේෂම අවධානයක් යොමුවූ චිත්‍රපටය වන්නේ ශාරුක් ඛාන්ගේ “FAN” චිත්‍රපටයයි.

මෙම “FAN” චිත්‍රපටය ඊයේ (15) එළිදක්වනු ලැබීය. ලෝකේ පුරා ඇති චිත්‍රපට ශාලා 4600ක් ආවරණය කර ගනිමින් මෙම “FAN” චිත්‍රපටය තිරගත විය. එළියට ආපු දවසෙම ඉන්දීයාවේ ප්‍රවීන සිනමා නිර්මාණකරුවන් අදහස් පළ කර ඇත්තේ මෙම චිත්‍රපටය සතියක් ගත වීමට පෙර ශාරුක් ඛාන්ගේ “FAN” චිත්‍රපටය කෝටි 100ක ආදායමක් උපයන බවයි.

ද්විත්ව චරිතයක් සඳහා රංගනයෙන් දායක ශාරුක්ගේ මේ චිත්‍රපටය ශාරුක්ගේ රසික රසිකාවියන් පමණක් නොව මුළු බොලිවුඩයේ සෑම නළුවෙක් වගේම නිළියකගේම අවධානය දිනාගත්තාය. ඔවුන් පළමු දවසේදිම නළි නිළියන් වැඩි ප්‍රමාණයක් මේ චිත්‍රපටය ඊයේ (15) දවසේදීම නරඹා ඇති බව වාර්තා වන්නේ ඔවුන් විසින් තම තමන්ගේ ටුවිටර් ගිණුම් හරහා  “FAN” චිත්‍රපටය ගැන සටහන් කර තිබු අදහස් සමගිනි.