බොහෝ සිනමාලෝලීන් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි බොලිවුඩ් චිත්‍රපටයක් වූ "කපූර් ඇන්ඩ් සන්ස්" පසුගියදා (මාර්තු 18දා) සිට බොලිවුඩයට සමගාමීව ලොව ප්‍රදර්ශනය ආරම්භ කර තිබේ. හාස්‍යමය චිත්‍රපටයක් ලෙස වර්ග කර ඇතිමුත්, මෙම චිත්‍රපටය තුළ සුන්දර තුන්කොන් ආදර කතාවක්ද ගැබ්ව තිබේ. සකුන් භාට්ර්රාගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ මෙහි නිෂ්පාදන පිරිවැය දරා ඇත්තේ හීරෝ යාශ් චොප්රා (යශ් චොප්රාගේ පුත්), අපුර්වා මෙහෙතා, කරන් ජෝහාර් පිරිසය. සැබෑ ජීවිතේද පෙම්වතුන් ලෙස පෙනී සිටින ආලියා භාට්, ෆවඩ් ඛාන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා මෙහි ප්‍රධාන චරිත සඳහා පණපොවති. ඔවුන්ට අමතරව රිෂී කපූර්, රතන් පාතික් පිරිසද සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති. එමෙන්ම සිරගතව සිටි සංජය දත්ද මෙහි ආරාධිත චරිතයක් නිරූපණය කරනු ලැබීම විශේෂත්වයකි.
රාහුල් හා අර්ජූන් විදෙස් ගතව සිටින සහෝදරයන් දෙදෙනෙකි. ඔවුන් ඉන්දියාවට පැමිණෙන්නේ 90 වැනි විය ගෙවා දමමින් සිටින සිය සීයාගේ හදිසි හෘද්‍යාබාධයට ප්‍රතිකාර කිරීමේ බලාපොරොත්තුවෙනි. ඔවුන් දෙදෙනාටම සුන්දර යුවතියක් මුණගැසෙයි. ඇය ටීයා සිංය. එකිනෙකට හොර රහසේ රාහුල් හා අර්ජුන් ටියාට ආදරය කරති. සිදුවන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ගැටලුවකට මුහුණ පාන්නටය. "කපූර් ඇන්ඩ් සන්ස්" කතාව දිග හැරෙන්නේ එලෙසිනි. එය මෙරට MC Ultra සිනමාහලේදී පෙ.ව. 10.45, ප.ව. 1.45, ප.ව. 4.45, ප.ව. 7.45 සහ ප.ව. 10.45 (සිකුරාදා / සෙනසුරාදා) කාල සටහන් වලදී තිරගතවේ.