සෑම වසරකම දහස් ගණනක් වූ ශ්‍රී ලාංකිකයින් නීතිවිරෝධී ලෙස විදෙස් ගතවන්නේ සුවපහසු දිවියක් බළාපොරොත්තුවෙනි.ඔවුන්ගේ කතා අනෙකුන්ට නීරස වුවද, ඔවුන් සියල්ලන්ටම ඔවුන්ගේම කතාවක් තිබෙනවා.
තිසර ඉඹුලානගේ ලබ්බේ තොයිලය එවැනි කතාවක්. වෙනස් තේමාවකින් එන කෙටි චිත්‍රපටයක් වන මෙහි තිර රචනය තිසර බණ්ඩාර අතින් සිදුවූවක්. වර්තමානයේ ලංකාව තුළ සිදුවන ව්‍යසනයක් වෙනස් මාණයකින් දැකීමට මෙහි නිර්මාණකරුවන් ගෙන ඇති උත්සහය අගය කළ යුතු අතර, ඔවුන්ගේ කතා සාරාංශය කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තියෙනවා යන ප්රස්ථාවපිරුළ සාක්ෂ්‍ය කරයි.
ග්‍රැෆික් නිර්මාණයෙන් අනතුරුව අවසානයට එන සජීවී රූප පෙළට දායක වන්නේ චන්දන අලුත්ගේ සමගින් ක්‍රිස්ටෝෆර් ඩුරන්ට් සහ ජේම්ස් ටැටම්ය.
රචින්ත ජයවර්ධන