මෙම වසරේ බොලිවුඩය තුළින් නවක තරු බොහෝ ප්‍රමාණයක් දැක ගැනීමට හැකියාව තිබේ. එයට හේතුවන්නේ ඉදිරියේදී මෙන්ම මේ වනවිටත් එළිදැක්වූ ඇතැම් චිත්‍රපටවලින් ක්ෂේත්රයට බිහි වීමට ඇති නවකයන්ගේ දස්කම් දැක ගැනීමට හැකියාව තිබෙන බැවිනි. ඇතැම් රංගන ශිල්පීන් නවක නොවුණත් ඔවුන්ව විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත් වී නොමැත. එයට හේතුව ලෙස සඳහන් කරන්නේ ඔවුන් දායක වූ චිත්‍රපට ආදායම් නොලැබූ හෙයිනි. එවැනි රංගන ශිල්පිනියක ලෙස Pooja Hegde හැඳින්විය හැකිය.
පසුගියදා එළිදැක්වූ Mohenjo Daro චිත්‍රපටයේ රිතික් රෝෂන් සමග ප්‍රධාන චරිතයට පණපොවන ඇය, මේ දිනවල ඉතාමත් ජනප්‍රිය චරිතයක් වී හමාරය. මේ වනවිට ආදායම් ලබමින් සිටින මෙම චිත්‍රපටය සඳහා මෙවැනි නවක නිළියන් තෝරාගැනීම පිළිබඳව ඇතැමුන්ගේද අප්‍රසාදය පළ වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
නිරූපණ ක්ෂේත්රයෙන් රංගනය අවතීර්ණ වූ ඇය, මුල්ම වශයෙන් රංගනයට දායක වූයේ 2012 වර්ෂයේදී තිරගත වූ Mugamoodi නම් දෙමළ චිත්‍රපටය ඔස්සේය. 2010 වර්ෂයේදී Miss Universe India තරගයෙන් අවසත් තිදෙනා අතරට පැමිණි ඇයට චිත්‍රපට රංගන වරම හිමිවූ අතර, තෙවැනි ස්ථානයට හිමි කිරුළ ඇයට හිමිවිය. මේ දිනවල යූටියුබ් ජාලයේ උණුසුම් ප්‍රතිචාර ඇති Mohenjo Daro නම් චිත්‍රපටය නිසා ඇය පිළිබඳව බොහෝ දෙනා කරුණු සොයන බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි. 2009 වර්ෂයේදී Miss India රූ රැජින තරගය සඳහා අවතීර්ණ වී තම ජීවිතයේ නිරූපණ ගමන සඳහා මූලික අඩිතාලම දමා ගත් Pooja Hegde මීට පෙර දමිළ චිත්‍රපට සඳහා සිය රංගනයෙන් දායක වූවාය.
Mohenjo Daro යනු ඇයගේ පළමු හින්දි චිත්‍රපටයයි. ඇය දායක වූ පළමු චිත්‍රපටය හේතුවෙන් ඇයව Best Female Debutant සම්මානය ඔස්සේ SIIMA Award සම්මාන රාත්‍රිය සඳහා නිර්දේශ වූවාය. කෙසේ නමුත් Mohenjo Daro චිත්‍රපට එළිදැක්වූ දිනම ආක්ෂේ කුමාර රංගනයෙන් දායක වූ "Rustom" චිත්‍රපටය හේතුවෙන් මෙහි ආදායම දැඩි හානියක් වූ බව සඳහන් කළ හැකිය.
ඩිලාන් ක්‍රිෂාන්ත