Singfony නම් වෙබ් නාළිකාව විසින් ලෝකය තුළ පළමු වරට ස්වතන්ත්රවලින් ගායන තරුවක් ලංකාවට බිහිකරනු ලැබීය. මෙය පළමු වශයෙන් ලංකාව තුළ සිදුවූ අතර, සයිබර් අවකාශය ඔස්සේ නවක නිර්මාණකරුවන්ගේ සාර්ථකම නිර්මාණ සොයායන Singfony.com හි දෙවැනි අදියරේ ජයග්රහකයාට ත්‍යාග හා සහතිකපත් ලබාදීම පසුගියදා සිදුකෙරිණි. මේරිසයන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු සහ ගායකයෙකු ලෙස බොහෝ දෙනා හඳුනන ප්‍රසන්න රෝසා මෙම වෙබ් අඩවියේ නිර්මාපකයා ලෙසද හැඳින්විය හැකිය.
පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වෙන්වූ මෙම වෙබ් අඩවියේ මෙවර සම්මානය හිමි කරගැනීම අවස්ථාව උදාවූයේ ඉතාලියේ වෙසෙන සචිත්‍රා හර්ෂණී රාජපක්ෂටය. ඒ සම්බන්ධයෙන් ඇය සමග "සාරවිට" කරනු ලැබූ කතාබහකි මේ.
මගේ නම සචිත්‍රා හර්ෂනී රාජපක්ෂ. දැනට මම පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ මගේ ස්වාමියත් එක්ක. එහේ ඉන්න අයියා කෙනෙක් තමයි සිංදුව දැම්මේ.
එම ගීතය පිළිබඳව කතා කළොත්?
මගේ Original ගීත 7ක් තියෙනවා. නමුත් ඒ ගීතය තමයි මගේ පළමු වැනි ගීතය වෙන්නේ. එම ගීතය ලිව්වේ සහ සංගීතය දෙකම මගේ තාත්තාගේ. එයාගේ නම අනුර රාජපක්ෂයි.
සම්මාන ගැන කීවොත්?
මම හිතන්නෙ ගීත 150ක් විතර තිබුණා. ඒ අතරින් මගේ ගීතය තේරුණු එක ගැන ගොඩක් සතුටුයි.
ඔබගේ සංගීත කටයුතු පිළිබඳව පැවසුවොත්?
මම දෙරණ ඩ්‍රීම්ස්ටාර් පළමු අදියරේ අන්තිම දොළොස් දෙනා අතර හිටපු කෙනෙක්. මම දැනට මියුසික් වීඩියෝවක් කරලා තියෙනවා. ඒක පසුගියදා එළිදැක්වූවා.
ඉදිරි කටයුතු පිළිබඳව කිව්වොත්?
ඉස්සරහට තව ගීත කරපු ඒවා තියෙනවා. ඒවට වීඩියෝවක් කරන්න තමයි හිතන් ඉන්නේ. ඉතාලියට ගිහිල්ලා ආයේ තව මාස 06කින් විතර ලංකාව ඇවිල්ලා තමයි කරන්න හිතන් ඉන්නේ.
සම්මානය වෙනුවෙන් අතහිත දුන් පිරිස මතක් කළොත්?
ගොඩක් එම සම්මානයට වෝට් කරන්න තිබුණේ අන්තර්ජාලය ඔස්සේ නිසා ෆේස්බුක් යහළුවන් තමයි ඒ සඳහා උදව් කළේ. ඉතිං ඒ අයට ගොඩක් ස්තූති වන්ත වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත